EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Sniper: The White Raven (2022) | ලෙයට ලෙය ඉල්ලූ ස්නයිපර් වෙඩික්කරු “රේවන්”

අද මම ගේන්න හදන්නෙ තවත් සුපිරි ස්නයිපර් ෆිල්ම් එකක්.. මේ මගේ දෙවෙනි ස්නයිපර් ෆිල්ම් එක. IMDb 6.4 ක් ලබා ගත් Sniper: The White Raven චිත්‍රපටය යුක්‍රේන රුසියා යුද්ධයේ සත්‍යය කතාවක් පදනම් කරගෙන නිර්මාණය වූ චිත්‍රපටියක්. මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය නිරූපනය කරන Mykola Voronin නම් යුක්‍රේන සුපිරි ස්නයිපර් වෙඩික්කරුගේ ජීවිත කතාව අනුසාරයෙන් තමයි මේ චිත්‍රපටිය නිර්මානය වෙලා තියෙන්නෙ. වැඩි කතා ඕන නෑ.. අපි බලමු චිත්‍රපටියෙ මොකක්ද වෙන්නෙ කියල..

මයිකෝලා කියන්නෙ සාමයට ලැදි පරිසයට ආදරේ කරන ගණිත ගුරුවරයෙක්. උපාධි තුනක හිමිකාරයෙක්. මයිකෝලා තමන්ගෙ බිරිද වන නස්තා සමග නිවස අතහැර කුඩා පැල්පතක ජීවත් වෙන්න සැලසුම් කරනවා. ඒ ඔහු පරිසරයට ඇති ලැදියාව නිසා. ඉතින් මෙහෙම සතුටින් තමන්ගෙ බිරිද සමග දිවි ගෙවන මයිකෝලා ඉතා අවසනාවන්ත ඉරණමකට මුහුන පානව. එයට හේතුවන්නේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමනය කිරීමයි. මෙහිදී ඇතිවන යම් සිදුවීමක් නිසා මයිකෝලාට තමන්ගේ බිරිද අහිමි වෙනවා. ඉතින් තමන් දැඩිව ආදරය කල තම බිරිද අහිමි වන මයිකෝලා දැඩි සිත් තැවුලට පත් වීම නිසා තමන්ගේ සියලු ප්‍රතිපත්ති අමතක කර යුක්‍රේන හමුදාවට එකතුවෙනවා. මේක තමයි මයිකෝලා ලෝකප්‍රසිද්ධ ස්නයිපර් වෙඩික්කරු වීමේ පලමු පියවර.

මයිකෝලා මේ අභියෝගය ජයගන්නෙ කොහොමද ? නස්තාගේ පලිය ගන්න මයිකෝලාට පුලුවන් වෙයිද ? මයිකෝලාට “රේවන් ” ලෙස අමතන්නේ ඇයි ? ඉතින් මේ ඔක්කොටම පිළිතුරු Sniper: The White Raven නැරඹීමෙන් දැනගන්න පුලුවන් වෙයි.. ඒ වගේම කියන්න ඕන, මේ චිත්‍රපටය තුල වැඩිහිටියන්ට වඩාත් සුදුසු දර්ශන කිහිපයක්ම අඩංගු වෙනවා. ඒ ගැනත් ඔබගේ අවධානය යොමු කරන්න.

Comments