EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

හිමි අහිමි ප්‍රේමය

“Somebody I Used to Know” 2023 වසරේ නිකුත් වුණු Romance සහ Comedy කියන Genres වලට අයත්, පැය එකකුත් මිනිත්තු 46 ක ධාවන කාලයක් හිමි හොලිවුඩ් චිත්‍රපටයක්.. කුණු තක්කාලි දර්ශකයේ 71% ක අගයක් වගේම IMDb දර්ශකයේ 5.7 ක අගයක් ලබාගත්ත මේ චිත්‍රපටය බෙදාහරින්නේ Amazon Prime Video හරහායි.. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ‘Dave Franco’ විසින්..

කතාව මෙහෙමයි, ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් වල ජීවත් වෙන ‘ඇලී’ තමා කතාවේ ප්‍රධාන චරිතය.. මෙයා තාම මැරි නොකරපු කෙනෙක්.. මෙයා ටීවි වැඩසටහන් වලට ටීවි සීරිස් එහෙමත් නැත්තම් ටීවි ෂෝ ලබාදෙන නිෂ්පාදකවරියක්.. ඒ විදිහට ‘Dessert Island’ කියන මෙයාගේ ෂෝ එකේ තුන්වෙනි සීසන් එක Ongoing යන ගමන් තමයි තියෙන්නේ.. කොහොමහරි දැනට නිකුත් වෙලා තියෙන එපිසෝඩ්ස් ටික දිහා බලලා කළමනාකරණය තීරණය කරනවා ෂෝ එකට හයිප් එක අඩුයි කියලා ෂෝ එක කැන්සල් කරලා දාන්න.. තමන්ගේ ජීවිතේම මේ ඔස්සේ ගොඩනගාගෙන හිටපු ඇලී මේකෙන් කළකිරෙනවා.. ඉතින් මෙයා ටික කාලෙකට මෙයාගේ අම්මා ජීවත් වෙන ගමට යනවා.. මෙහෙදී මීට අවුරුදු 10 ක ට කලින් වෙන්වුණු මෙයාගේ කලින් පෙම්වතා වෙන ‘ෂෝන්’ හම්බෙනවා අහම්බෙන් බාර් එකකදී.. ෂෝන් එක්ක ආය හිතවත් වෙන ඇලී ෂෝන් ගේ ගෙදරට යනවා.. එහෙදී දැනගන්න ලැබෙනවා ඇලීට ෂෝන් විවාහ වෙන්න යන්නේ කියලා.. ඒ ‘කැසිඩි’ කියන Rock Musician එක්ක.. කලකිරීමට පත්වෙලා හිටිය ඇලී ට මෙතනදි වෙන්නේ තවත් කලකිරෙන එක.. ඒත් එක්කම මේකට කේන්ති යනවා ඇලී ට.. කැසිඩි සහ ඇලී අතර ඝට්ටනයක් හටගන්නවා මෙතනදී.. ඉස්සරහට වෙන දේ බලන්න නම් ඔයාට කතාව අනිවාර්යයෙන් බලන්න වෙනවා..

Alison Brie, Jay Ellis, Kiersey Clemons සහ Danny Pudi වගේ Cast එකක් තමා කතාවට තෝරගෙන තියෙන්නේ..

Comments