EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Star Wars: Episode 6 – Return of the Jedi (1983) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageStar Wars: Episode 6 – Return of the Jedi (1983) | පිය සෙනෙහස
කතාව ගැන කිව්වොත් නම්, මෙහෙමයි. අධිරාජ්‍යා (ඔයාලා දන්න විදියට අඳුරේ බලවතා) “Deth Star”වල හදමින් ඉන්නවා සුපිරි ආයුධ බලාගාරයක්. මේ කථාවේ තියෙන්නේ හැන් සෝලෝ, ලූක් ස්කයිවෝකර් හා ලේයා කුමරිය එක් වෙලා ඒක විනාශ කරන හැටි. මුලින්ම ලූක් ස්කයිවෝකර් හා ලේයා කුමරිය යන්නේ “Jubba the Hutt” කියන මැරයාගේ ගුහාවට. මොකටද දන්නවද? ඒකේ සිර කරලා තිබෙන සෝලෝව බේරා ගන්න. ඔහුව බේර ගත්තහම අනෙක් පිරිස දැනගන්නවා ලූක් JEDI වරයෙක් කියලා.ඔයාලට JEDI වරයෙක් ගැන පැහැදිලි කරන්න ඕනි නම් කියන්නම්. JEDI වරයෙක් කියන්නේ හොඳ මානසික හා කායික බලයක් ඇති බලවත් කෙනෙක්. කොහොමහරි ලූක්ගේ JEDI ගුරුවරයා වන යෝඩා මිය යනවා. අන්තිමට මුළු විශ්වයේම ඉන්න එකම JEDI වරයා තමා ලූක්. ඒ නිසා අධිරාජ්‍යා ඩාර්ත් වේඩර්ගේ උදව් ඇතිව ලූක්ව අඳුරේ පැත්තට ගන්න හදනවා.ඩාර්ත් වේඩර් කියන්නේ ලූක්ගේ තාත්තා බව ඔයාලා දන්නවා ඇති.
කොහොමහරි මේකේදී හෙලි වෙනවා ලූක් හා ලේයා නිවුන් සහෝදරයන් බව. මම කිව්වනේ අධිරාජ්‍යා ලූක්ව තමාට නම්මගන්න හදනවා කියලා. ඒකට හේතුව තමා ඔවුන්ගේ පරපුරේ තිබෙන අධිකතර බලය.ඒත් ලූක් කැමති වෙන් නේ නෑ අධිරාජ්‍යාගේ පැත්තට එන්න. ඒනිසා අධිරාජ්‍යා ලූක්ව මරන්න හදනවා. ඒකෙන් ලූක්ව බේරා ගන්නේ ඔහුගේ පියා වන ඩාර්ත් වේඩර්. ඒත් ඩාර්ත් වේඩර්ට තමාගේ ජීවිතය අහිමි වෙනවා 🙁 කොහොමහරි අන්තිමටම වෙන්නේ මොකද්ද, පියා තම පුතා වෙනුවෙන් දිවි පුදන්නේ කොහොමද කියලා දැනගන්නනම් ඔයාලා මේක බලන්නම ඕනි 🙂











