EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Starfish (2023) | තාරකා මාළු

ආදරවන්තයින්ගෙ දිනය නිමිත්තෙන් ආදරය පිරුණු කතාවක් ගේන්න හිතුවා. ඒත් පොඩි අලකලංචියක් නිසා මට ඒක නියම දවසට දෙන්න බැරි උනා. ඒත් මොකද ආදරය එක දවසකට ලඝු කරන්න පුළුවන්ද? දවස් තුසිය හැට පහේම නෙමෙයි ජීවිතය පුරාම ආදරය තියෙන්න ඕනෙ නේද? එහෙනම් ටිකක් පරක්කු උනාට මොකද ආදරය ආදරයමයි.මේක කේන් සහෝදරය මට ලබා දුන්නු ලස්සන හිංදි ෆිල්ම් එකක්.කාලෙකින් ඔයාල මුහුදු පතුලට එක්ක යන්න මේකෙන් අවස්ථාව ලැබෙනවා.සුන්දර ස්වාභාවික මුහුද යට දර්ශන රැසක් මෙහි අඩංගු වෙනවා.IMDB 5.9 අගයක් තියෙන මේ ෆිල්ම් එක Bina Nayak ගේ Starfish Pickle නැමැති නව කතාව ආශ්‍රයෙන් Akhilesh Jaiswal විසින් අධ්‍යක්ෂනය කරන ලද Khushalii Kumar, Tushar Khanna, Ehan Bhat සමග Milind Soman රඟන මෝල්ටාවේ සුන්දර වෙරළ තීරයක් අසබඩ රූප ගත කරන ලද කතාවක්.

Starfish (2023) Sinhala Subtitles
කතා නායිකාව තාරා කිමිදුම් සමාගමක කිමිදුම් කාරියක් ඇය සිය සිත තුල වද දෙන සිය මවගේ අතීතය පිළිබඳ අභිරහසක් පිටුපස හඹා යාමේ නිරත වන අතර තුරම තරුණයින් දෙදෙනෙකුගේ ආදරය අතරට මැදි වෙනවා.මවගේ අතීතය සොයා යාමේදී මතු වන සිය අතීතය අමතක කර වළලා දැමිය යුතුද, තම ආදරයේ තෝරා ගැනීම කෙසේ විය යුතුද?

Comments