EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageStuart Little (1999) | අමුතු සහෝදරයා…
මේ සලරුව නිකුත් වුණේ 1999 වර්ෂයේ දෙසැම්බර් 10. සලරුව 5.9 ක IMDb අගයක් අරගෙන තියෙනවා. මේක ඉහින් වර්ගීකරණය වෙන්නෙ නම් ළමා චිත්‍රපට ගොන්නට. අවුලක් නෑ බයිස්කෝප් එන කස්ටිය නම් ඉතින් එහෙම කියලා වෙනසක් නෑනෙ. දෙන දෙන සලරුව බලනවනේ….. මේ කතාවේ චරිත වලත් නම් ටික කියන්නම්. කතාවේ ප්‍රධාන චරිතය වෙන ස්ටුවර්ට් කියන පුන්චි මීයගෙ චරිතයට හඬ කවන්නෙ Michael J. Fox. ඒ වගේම ස්නෝව්බෝල් කියන සුදුම සුදු පූසට හඬ කවන්නෙ Nathan Lane විසිනුයි. මේකෙ ජෝර්ජ් කියන පොඩි ළමයා විදිහට Jonathan Lipnicki, ජෝර්ජ්ගේ අම්මා, එහෙමත් නැත්නම් ලිට්ල් මහත්මිය විදිහට Geena Davis ද ජෝර්ජ්ගේ තාත්තා විදිහට Hugh Laurie ද රඟනයෙන් දායකවෙනවා. හරි එහෙනම්. මම කතාව පොඩ්ඩක් කියන්නම්.
මේ ලිට්ල් කියන පවුලේ ඉන්නෙ එකම එක පිරිමි ළමයයි. එයාගෙ නම තම ජෝර්ජ්. ඉතින් මේ පිරිමි ළමයාට ඕන වෙනවා තවත් සහෝදරයෙක්ව. ඒ නිසා එයාගේ දෙමවුපියෝ තීරණය කරනවා අනාථමඩමකින් ළමයෙක්ව හදාගන්න අරගෙන එන්න. නමුත් එහෙම හිතාගෙන ගියාට ඒ යන තැනින් එයාලට ගැලපෙන ළමයෙක්ව හොයාගන්න බැරි වෙනවා. ඒත් එයාලට හම්බවෙනවා එයාලා හොයන ගතිගුණ තියෙන පුන්චි මී පැටියෙක්ව. ඉතින් මේ දෙන්නා කරන්නේ ඒ මී පැටියව ගෙදර එක්ක ගෙන එනවා ජෝර්ජ්ගේ අලුත් සහෝදරයා විදිහට. මං ඔතනට වෙනකම් විතරක් කතාව කියන්නම්. ඉතුරු ටික ඔයාලම බලන්න.
- Stuart Little (1999)
- Stuart Little 2 (2002)











