
අද ගේන්නෙ කන්නඩ චිත්‍රපටයක උපසිරැසියක්. නිකම්ම චිත්‍රපටියක් නෙමෙයි ඉඳලා හිටලා කරකවල යන ගේමක් ගහන චිත්‍රපටි එන කන්නඩ සිනමාවෙන් කා ලෙකට ලොකු හිට් එකක් දැක්කෙ නෑ. ඒත් මේක කෝටි 5ක් දාල කෝටි 125ක් හම්බ කරපු කන්නඩ සිනමාවෙ තවත් එක සුපිරියාක්. මේ වන විට කන්නඩ සිනමාවෙ හයවෙනි විශාලම ආදායම ලබපු චිත්‍රපටය මේක තමයි.
ඇත්තටම මේක බොහොම සරල කොමඩියක්. ටිකක් මලයාලි වයිබ් එකක් තියෙනවා වගේ. මට මේ චිත්‍රපටය බැලුවම මතක් උනේ රෝමන්චාම් මලයාලි චිත්‍රපටය. ඉතින් මේක අනිවා බලන්න. ඇත්තටම සුපිරියක්. මේක සරල උනත් ඉතා තාත්වික හාස්‍ය සහ උපහාසය මවන අවස්ථා මුල සිට අග දක්වාම හරි ලස්සනට කිසි අඩුවක් නැතුව තියෙනවා. ඒ අතින් මේක නොබිඳුනු නියම ප්ලොට් එකක් බව තේරෙයි.
මේක එක ගමක ඉන්න තරුණයෙකුට මළගිය පරාණ කාරයෙක් වැහෙන කතාවක්. ඉතින් එයා එලවන්න මුළු ගමම එක්කහු වෙනවා. මුලින් පවුලෙ ප්‍රශ්ණයක් උනත් පස්සෙ ඒක මුළු ගමේම ප්‍රශ්ණයක් වෙනවා. පෙරේතය එලවන්න ගමේ විවිධාකාර නන් අයුරින් සහයෝගය ලබා දෙනවා. ඉතින් කතාව ඇතුලෙ තියෙන ඒ එක් එක් චරිත පිළිබඳ ලස්සන ඉදිරිපත් කිරීම් ගණනාවක්ම තියෙනවා. ඔබත් ගමක නම් මේ ආකාරයේ විවිධ චරිත අත් දැකල තියෙනවා අති. මේකෙ තියෙන ලස්සන ඒකයි.
රාජ් බී ශෙට්ටි කියන සුපිරි නළුවත් මේකෙ රඟ පානවා. ප්‍රධාන චරිතයකට නොවුනත් එයාගෙ චරිතය ඉතිං හැමදාම වගේ පට්ට විදිහට කැපිල පේනවා. ශනීල් ගෞතම් සහ ජේ පී තුමිනාද් කියන නළු යුගලය තමයි ප්‍රධාන චරිත කරන්නෙ. තුමිනාද්ගෙ කුළුඳුල් අධ්‍යක්ශනය තමයි මේක. ආයෙත් කියන්නෙ මේක නොවරදවා බලන්න.
Options | Quality | Language | Size |
---|---|---|---|
WEB-DL 480p | 750 MB | Kannada | |
WEB-DL 720p | 1.5 GB | Kannada | |
WEB-DL 1080p | 3 GB | Kannada |