EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Sunset Blvd. (1950) AKA Sunset Boulevard | මිලින වන තාරකාව…

හොඳයි IMDB ලිස්ට් එකේ හොඳම ෆිල්ම් 250 ට උපසිරැසි කරන කොන්ත්‍රාත්තුවේ තවත් එකක් තමා මේ ඉවර කළේ. මේවලින් සමහරකට කමෙන්ට්, ඩවුන්ලෝඩ්, විව්ස් එහෙම අඩුවුණාට චිත්‍රපටි ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන අතළොස්සක් හරි මේවලින් ප්‍රයෝජන ගන්නවා නොවැ. Sunset Boulevard (1950) නැත්තම් Sunset Blvd. කියන්නේ 23 වෙනි ඔස්කාර් සම්මාන උලෙළදි සම්මාන 11 කට නිර්දේශවීම් ලබලා එයින් 3 ක් දිනාගන්නත්, විසි වෙනි ශතවර්ෂයේ නිපදවූ හොඳම ඇමරිකානු චිත්‍රපටි 100 ලයිස්තුවේ අංක 12 ලබාගන්නත් සමත් වුණා. කාල වෙලාව අඩු නිසා කෙටියෙන් මේ ප්‍රසිද්ධ චිත්‍රපටිය ගැන අදහස් දක්වන්නම්.

දැන් අපි දකින සාමාන්‍ය චිත්‍රපටවලට කලින් නිහඬ චිත්‍රපට ලෝකයේ රජකරපු කාලයක් තිබ්බා. ඒවල රඟපාපු නළු නිළියොත් ඇමරිකාව ප්‍රමුඛ ලෝකයේ රටවල් අතළොස්සක තරු බවට පත්වෙන්නත් ඇති. හැබැයි කතා නාද චිත්‍රපට එන්න ගද්දි ඊට හැඩ ගැහුණෙ නැති තරු අනිවා මිලාන වෙන්න ඇති. ඉතින් මේ කථාවත් යන්නෙ එහෙම මිලාන වෙච්ච තරුවක් ගැන. නෝමා ඩෙස්මන්ඩ් කියන්නෙ නිහඬ චිත්‍රපට කාලේදි රටම දැනගත්ත, රටම ආදරේ කරපු තරුවක්. හැබැයි මේ වෙද්දි ඉන්නෙ කොහෙද කියලවත් ලෝකය දන්නෙ නෑ. හැබැයි ආපහු අර පරණ යසස ලබාගන්න, කීර්තියට පත්වෙන්න ආපහු බලන් ඉන්නේ. එතකොට ජෝ ගිල්ස් කියන්නෙ පිටපත් රචකයෙක්. පිටිසර පැත්තක් දාලා හොලිවුඩ් වල සාර්ථකත්වය හොයාගෙන ආව කෙනෙක්. හැබැයි තාමත් හරිහමන් එකකට පිටපතක් ලියාගන්න බැරිවෙලා දඟලන කෙනෙක්. මේ වෙද්දි අම්බානෙක ණය වෙලා ඉන්නෙ. ඔන්න ඔය දෙන්නගෙ හමුව හා ඉන් පස්සෙ වෙන දේ ගැන තමා චිත්‍රපටිය යන්නේ.

Comments