EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Supercop 2 (1993) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Fong Wan-Si, Li Kit-Ming, Matthew Tang, Stanley Tong
Cast
Go Full Cast PageSupercop 2 (1993) | සුපිරි පොලිස් නිලධාරිනියගේ හොංකොං මෙහෙයුම
පොරොන්දු වුණ විදියටම ඔන්න ඉක්මනින්ම ක්‍රියාදාම චිත්‍රපටිය අරගෙන ආවා. ඔයාලා ගොඩ දෙනෙක් බළලා ඇති කියලා හිතනවා ජැකී චෑන්ගේ Police Story කතා මාලාවන් පෙළම. ඒ මීට කාලයකට කලින් මම උපසිරැසි අරගෙන ආපු Police Story (1985), Police Story 2 (1988), Police Story 3: Super Cop (1992) අද මම මේ අරගෙන ඇවිත් තියන චිත්‍රපටිය බලන්න නම් මේ 3 අනිවාර්යෙන්ම බළලා තියෙන්න උවමනා නෑ. මේක Police Story 3: Super Cop (1992) එකේ sequel එකක් විදියට ගහපු එකක්. මේකේ ඔයාලා ජැකී චෑන්ව නම් බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි සටන් ජවනිකා, ක්‍රියාදාම වලින් නම් ආයේ කිසි අඩුවක් ඇත්තෙම නෑ. අපි කවුරුත් දන්න සුපිරි නිළියක් වෙන මිෂෙල් යෝහ් තමයි මේකේ ප්‍රධාන චරිතයට රංගනයෙන් පණ පොවන්නේ. මට මතක විදියට මිෂෙල් හිටියා Police Story 3: Super Cop (1992) එකෙත්. ඒකේ නම් ජැකී චෑන් හිටියා, මේකේත් ජැකී චෑන් ඉන්නවා බොහොම පොඩි සුළු දර්ශනයකට විතරක්. මම ඔයාලගෙන් තදින්ම ඉල්ලනවා මඟ නොහැරගෙන අර චිත්‍රපටි 3මත් බලන්න කියලා. ඒ 3ත් බළලා මේක බලද්දි හොඳට අවබෝධ කරගන්න පුළුවන් මේ චිත්‍රපට මාලාවෙම ස්වභාවය ගැන. හැබැයි නොබැලුවා කියලත් කිසි ගැටළුවක් නෑ.
එහෙනම් කතාව ගැන කෙටියෙන් ටිකක් විස්තර කරන්නම්,
යැන් චියෙන් හුවා, මහජන චීනයේ ඉහළ පෙළේ පොලිස් නිලධාරිනියක්. අතින් පයින් තුවක්කුවෙන් හැමදෙයින්ම මෙයාට හොඳටම වැඩ පුළුවන්. දවසක් අවි රැගත් කණ්ඩායමක් හොංකොං රටේ භීතිය පතුරවාහරිනවාත් එක්කම මේ පිරිසව නීතිය රැහැණනට කොටු කරගන්න හොංකොං පොලිසිය චීන පොලිසියේ සහය පතනවා. මේකට චීනයෙන් එවන්නේ එයාලගේ සුපිරිම නිලධාරිනිය වන යැන් චියෙන්වයි. යැන් හොංහොං වලට ඇවිත් මේ කල්ලියේ ප්‍රධානිය කවුද යන්න දැනගත්තම මෙයා හුඟක් පුදුම වෙනවා, හිතාවත් ගන්න බැරුව යනවා ඒ ප්‍රධානියා කවුද යන්න ගැන දැනගත්තම.
කවුද මේ අවි රැගත් බිහිසුණු පිරිස ? කවුද මේ කල්ලියේ ප්‍රධානියා ?
ඇයි යැන් එහෙම පුදුම වෙන්නේ ?
උත්තර දැනගන්න එහෙනම් ෆිල්ම් එක බලන්න.










