EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSurvive (2022) | ජීවිතයෙන් පැනයාම
පොඩිකාලේ තාත්තාගේ මරණය ඇස් දෙකෙන් දකපු පොඩි ගැනු ළමයෙක් ඒ ප්‍රශ්නේ නිසාම එක එක විධිවලින් ජීවිතෙ නැතිකර ගන්න හදනවා. ඒවා අසාර්ථක උනාම එයාව ආරක්ෂිත නිවසකට යවනවා මානසික චිකිත්සාවට. එහෙදී සාර්ථකව චිකිත්සාව ඉවර කරපු එයා, එතනින් එලියට එන්නෙම ජීවිතේ නතිකරන්න සැලසුමක් තියාගෙන! ඉතින් කොහොමහරි පිටත්වෙලා, ගුවන් යානයට නැගලා යන අතරමඟදී මෙයාගේ ගුවන්‍යානය විනාශ වෙනවා. ඒ අතරෙදී ඒකෙන් බේරෙන්නේ දෙන්නෙයි. එක්කෙනෙක් කොල්ලෙක්, නම පෝල්. කෙල්ල, ඒ කියන්නේ ජේන්ට ඕනේ මැරෙන්නනේ, ඉත්න් එහෙම කෙනෙක්ව බේරගෙන හිම කන්දක් උඩින් බිමට බැහලා ජීවිතේ බේරගන්න පුලුවන් වෙයිද? නැත්නම් දෙන්නා ආදරෙන් බැඳිලා කන්දේම මිය යයිද? බලන්න, අවසානය හරිම සංවේදියි. අනික ෆිල්ම් එක සම්පූර්නයෙන්ම වාගේ සුදුම සුදුයි, ඇයි ඉතින් හිමේ නේ. මාර ලස්සනයි, සංවේදියි වගේම කුතුහලය කියන දේ ඉහලින්ම තියෙන චිත්‍රපටියක්. මම දන්නෙ නෑ මේ වගේ පොඩි සිද්ධියකින් ෆිල්ම් එකක් මේ තර්ම් සාර්තකව කරේ කොහොමද කියලවත්. මම නම් මෙකට දහයෙන් 8.5ක් වත් ලකුණු දෙනවා. ඒ තරමටම සුපිරි නිර්මාණයක්. අරන් බලන්න. කමෙන්ට් එකක් ලියලා යන්න.


