CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1989 Views

  • Player 01 [No Ads]
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
Suryakantham (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Suryakantham (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 29, 2019India122 Min.
Your rating: 0
10 3 votes
Suryakantham (2019) | මගේ කරගන්නට වරම් නැති දඟකාර කෙල්ල…

ප්‍රේමය ආකාසයක් බඳුය…
ඇතිවීමක් නැත.. කොතරම් විඳින්න ලැබූවත්..
නුඹ හා එක්ව සිටීමට… මා හට කල මායාවකි..
තරු කඩා වැටෙනවාක් මෙන්.. දෙනෙත් මාගේ දීප්තිමත් වෙයි..
දුරස්බාවයන් සියල්ල මැකී යයි.. නුඹේ ස්පර්ශය මා හද ආලිංගනය කරනා විට..

සුභ දවසක් බයිස්කෝප් වාසී සහෘදයින් සියලුම දෙනාට.. පොඩි නිහැඬියාවකට පස්සේ තමයි ඔබ හමුවව්ට ආයෙත් මේ එන්නේ.. අප්‍රේල්- මාර්තු කාර්තුවේ ඉන්දියානු සිනමාව ටිකක් දිව්වේ රීම් එකෙන් නිසා මේ දවස් වල ඉතිං පිටපත් නිකුත් වන්නට තියෙන චිත්‍රපටි ප්‍රමාණය අල්ප නිසා අඩවියේ ඉන්දියානු කැටගරිය යාවත්කාලින වෙනවා ට්කක් හොරයි. කොහොම උනත් එන එක කාන්තාරෙට වතුර පොදක් වගේ නිසා ඔන්න උපසිරැසි ගන්වලා අරගෙන ආවා. මේ අවුරුද්දේ මාර්තු 29 තිරගතවීම ආරම්භ කරපු සූර්යකාන්තම් චිත්‍රපටිය තමයි අද අරගෙන එන්නේ.

නවක අධ්‍යක්ෂකවරයෙක්ගේ වැඩක් තමයි මේක. ටිකක් වෙනස් ආදර කතාවක් එක්කලා පැය දෙකක් ගලාගෙන යන සුන්දර කතාවක්. Pranith Bramandapally නම් වූ නවක අධ්‍යක්ෂක මහත්මයා තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ. නවක නළු රාහුල් විජේ සහ දඟකාර නීහාරිකා කෝනිඩෙලා තමයි මේ සඳහා රංගන දායකත්වය සපයන්නේ. නීහාරිකා කෝනිඩෙලා කියන්නේ මෙගාස්ටාර් ෆැමිලි එකෙන් එන තවත් එක්කෙනෙක්. මෙයා තමයි Tholi Prema (2018) චිත්‍රපටයේ හිටිය වරුන් තේජ්ගේ නැගණිය. කෙල්ල නම් ටිකක් විසේ පාටයි. ඒ දෙන්නට අමතර Perlene Bhesania ද මේ සඳහා ප්‍රධාන චරිතයකින් දායක වනවා.

මේක හරිම සරල කතාවක්. නමුත් මේකෙන් කියවෙන දේවල් හරිම සංකීර්ණයි. තේරුම් ගන්නත් එච්චර අමාරුවක් නැහැ. සමහරෙක්ට බෝරින් ගතියක් දැනේවිද කියන්නත් බැහැ. මට නම් ඉන්ටරෙස්ටින් වෙලා ගියා. නමුත් නවීන පරම්පරාවේ අය නැරඹිය යුතු හොඳ චිත්‍රපටියක් කියල කියන්න පුළුවන්. IMDB අගය 7.3/10 ක්ම තියෙනවා. විචාරක ප්‍රසාදයත් ( Critic reviews) ඇවරේජ් මට්ටමක තියෙනවා. සමස්තයක් වශයෙන් ආදරය කරන අයට, ආදරය කරන්න ඉන්න අයට, සහ ආදරය අහිමි වෙලා තවත් ආදරයක් බලාපොරොත්තුවෙන් ඉන්න අයට බලන්න වටින හොඳ චිත්‍රපටියක් විදිහට හඳුන්වන්න පුළුවන්. සමහරවිට මෙය ඔබව හැඟීම්බර කරන්නට සමත්වේවි. ලස්සන ගීත කිහිපයක් එහෙමත් තියෙනවා. එයින් සිද් ශ්‍රී රාම් ගායනා කරන Inthena Inthena ගීතය අතිශය ජනප්‍රිය වූවක්.

කතාවක් තියෙනවනේ..
ගැඹුරු ආදරය කියන්නේ.. කැපකිරීම කියලා..
සැබෑ ආදරය කියන්නේ හරිහැටි තේරුම් ගැනීම කියලා..
මේකත් එක්තරා ආදර කතාවක්..
වෙනදට දකින විදිහේ ආදර කතාවක් නෙමෙයි..
ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරන ආදර කතාවක්..

අහිංසක අභී, දඟකාර සූර්‍යකාන්තම්, සහ බුද්ධිමත් පූජා වටා පැය දෙකක් පුරාවට ගලා යන මේ කතාව ඔබව කුතුහලයට පත් කරාවි. සීක් ලයින් එක පන්නලා ෆිල්ම් එකේ අන්තිමට මොකද්ද වෙන්නේ කියල බලන්න හිතේවි. සූර්‍යකාන්තම් කියන්නේ බැඳීම් විස්වාස නොකරන, හිතුමතේ ජීවිතේ ගත කරන දඟකාර කටකාර කෙල්ලෙක්. අභී කියන්නේ තරමක් අහිංසක ඇවරේජ් ලෙවල් කොල්ලෙක්. අභී සූර්‍යකාන්තම්ගේ මේ දඟකාරකමට වහ වැටෙනවා. නමුත් මේකිව නම්මගන්න ඒ තරම් ලේසි නැහැ. නම්මගත්තා කියලා තේරුනත් මේ ලූස් නට් එක ෂුවර් නැහැ. මොකද හෙට හම්බවෙමු කියල රෑ වෙද්දී පැදුරටත් නොකිය මාරු වෙන ජාතියේ එකී නිසා. ඉතිං ඔය ප්‍රශ්න අතරේ මේ ගේම ගහගෙන යන එක තමයි කතාව කියන්නේ. අමතක කරන්න එපා පූජා කියල චරිතෙකුත් මේ චිත්‍රපටියේ ඉන්නවා. එයා කවුද කියල සහ සූර්‍යකාන්තම්ට මොකද වෙන්නේ කියල බලාගන්න නම් ඔයාලට චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනවා.

එහෙනම් මාරුවෙලා කැපිලා යන්න වෙලාව හරි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ චිත්‍රපටිය සෙට් වෙන එකක් නෑ කියල සැකයක් තියේ නම් කෝකටත් කියල ට්‍රේලර් එක එහෙම බලලා තව ටිකක් චිත්‍රපටිය ගැන හොයලා චිත්‍රපටිය අරගන්න කියල ඉල්ලා හිටිනවා. නැත්නම් අන්තිමේ මටයි බනින්නේ ටෝක්ස් දීලා ඇඟේ ගැහුවා කියලා.

චිත්‍රපටිය ඉතාම සරල එකක් නිසා මං හිතනවා කාට උනත් අවුලක් නැතිව සෙට් වෙයි කියලා. ලස්සන මියුසික් ඇල්බම් එකක් එහෙමත් මේ චිත්‍රපටියේ අඩංගු වෙලා තියෙනවා. ඒ හැම ගීතයකටමත් උපසිරැසි ගන්වල අරන් එන්න මං අමතක කරේ නැහැ. එහෙනම් අරන් නරඹන්න, විඳින්න, ආදර්ශයක් අරගන්න කියලා ඉල්ලා හිටින ගමන් මං අදට සමුගන්නවා..

මෙසේද…?
ප්‍රේමය ඇතිවන්නේ මෙසේද..?
එයින් වෙළෙන තුරු මා දැන සිටියේ නැත..
මෙසේද..?
නුඹටද දැනෙන්නේ මෙසේද..?
හදවත වේගයෙන් ගැහෙනවාක් මෙන් දැනෙනවාද?

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර (Baiscopelk)
IMDb 5.3 /10 186 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Bhoothnath (2008) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Arjun S/O Vyjayanthi (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Family (2013) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Wish Dragon (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Charlie and the Chocolate Factory (2005) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Elemental (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kaashmora (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Christy (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nenu Sailaja (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Maragadha Naanayam (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Role Play (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dia (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published