ලෙයින් ලිවූ අඳුරු සුරංගනා කතාව!

TOXiC 2026

මුළු මහත් සිනමා ක්ෂේත්‍රයම මහත් උනන්දුවකින් බලා සිටි, ක්‍රියාදාම සහ කුතුහලයෙන් පිරි Toxic චිත්‍රපටය 2026 හදිස්සිකාරයින්ට බලන්න Cam copy පිටපත සඳහා සිංහල උපසරැසි නිර්මාණය කර තිබෙනවා.
මෙම චිත්‍රපටිය නිර්මාණය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරියක වන Geethu Mohandas විසිනි. ඇය මීට පෙර Moothon සහ Liar’s Dice වැනි ජාත්‍යන්තර සම්මාන පිට සම්මාන දිනූ අතිශය සාර්ථක සිනමාපට අප වෙත දායාද කළ දක්ෂ නිර්මාණකාරිනියකි. ඇය විසින්ම මෙහි තිර රචනයද සිදු කර ඇති අතර, මෙහි ප්‍රධාන චරිතය ලෙස කන්නඩ සිනමාවේ සුපිරි තරුවක් වන Yash රංගනයෙන් දායකවේ. ඔහු මීට පෙර KGF චිත්‍රපට මාලාව හරහා ලෝකයම තමන්ගේ වසඟයට ගත් නළුවෙක්. ඔහු සමඟින් ජනප්‍රිය නිළි Nayanthara සහ Kiara Advani වැනි සුපිරි තරු රැසක් මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවමින් රංගන දායකත්වය සපයනවා.
මෙහි කතාව ගෙතී ඇත්තේ ගෝලීය මට්ටමින් ක්‍රියාත්මක වන භයානක මත්ද්‍රව්‍ය ජාවාරමක් සහ ඒ වටා ගෙතුණු පාතාල ලෝකයේ අඳුරු පැතිකඩක් වටායි. ගෝලීය මත්ද්‍රව්‍ය මාෆියාවේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් පාලනය කරන ප්‍රබල කල්ලියක් සහ ඔවුන්ගේ බල අරගලය මෙයින් මැනවින් නිරූපණය වේ. ප්‍රධාන චරිතය මුහුණ දෙන අභියෝග, පලිගැනීම් සහ තමන්ගේ බලය තහවුරු කරගැනීම සඳහා කරන මාරාන්තික සටන සිනමාපටයේ ප්‍රධාන ගැටුම බවට පත්වන අතර, මෙය අවසානය දක්වාම ප්‍රේක්ෂකයා දැඩි කුතුහලයකින් තබා ගැනීමට සමත් වන සුපිරි කතාවක් රැගත් සිනමාපටයකි.
මෙම චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟින් රසවිඳින්නට දැන්ම cinesubz.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න කියා අප ඔබට ආරාධනා කරනවා.

Comments

August 30, 2026

සප්‍රායිස් 🫠

August 30, 2026

Thanks Sudda 😊

August 30, 2026

Aiye ikmanat original eka one

August 30, 2026

superb

August 30, 2026

අඩෝ original web එක ඉක්මනට දාන්නකො බලන් හිටියෙ ඒක දායි කියලා

August 30, 2026

එනකන් බලන් ඉදපුවා..ආදරේයි හොදේ 😌❤️