EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Teri Baaton Mein Aisa Uljha Jiya (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Amit Joshi, Aradhana Sah
Cast
Go Full Cast PageTeri Baaton Mein Aisa Uljha Jiya (2024) | ”නුඹේ වචන වලට මා ගොඩක් පැටලුනා”
අමිත් ජෝෂි සහ ආරාධනා ෂා කියන දෙපලගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුන මේ පෙරලිකාර හින්දි සිනමාපටය පසුගිය පෙබරවාරි 09 වෙනිදා තිරගතකිරීම් ඇරඹි අතර මේ ෆිල්ම් එකටත් නොසිතූ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්න ගන්නවා. ඒවගේම මේ ෆිල්ම් එක #HIT කියන ටැග් එක දාගන්නත් සමත් වෙනවා.
ඒවගේම මම 2023 දි ෂහිඩ් කපූර්ගේ බ්ලඩි-ඩැඩී ෆිල්ම් එකේ උපසිරැසි අරගෙන ආවා වගේම ඔන්න 2024 ෂහිඩ්ගේ මේ අළුත්ම ෆිල්ම් එකටත් උපසිරස ගන්වන්න මට අවස්ථාව ලැබුනා. ෂහිඩ්ගේ ෆිල්ම් ලිස්ට් එක දිහා බැලුවොත් ඔහු කාලෙන් කාලෙට එක එක තේමාවන් යටතේ වෙනස් වෙනස් නිර්මාණ වලට අත ගහන කෙනෙක්. ඒ මොන වෙනසක් කරලා ෆිල්ම් එකක් ප්‍රේක්ෂකයින් අතරට ගෙනාවම උඩින්ම ගොඩයන කෙනෙක් තමයි මෙයා
ආධිපුරුෂ්, ගණපත් වලින් පස්සේ මේ ෆිල්ම් එකෙන් අපි හමුවට එන ක්‍රිති සැනොන් මේ ෆිල්ම් එකෙන් එයා අභියෝගාත්මක චරිතයක් භාරගෙන නියමෙටම කරලා තියෙනවා බලාගන්න පුළුවන්. ඒවගේම මේ ෆිල්ම් එකෙන් පස්සේ ක්‍රිති ඉන්න CREW ෆිල්ම් එකත් මේ දවස් වල සාර්ථකව තිරගත වෙමින් පවතිනවා.
මං උඩ කිව්වනේ මේ ෆිල්ම් එක කරන්න ගිහින් ලොකු අමාරුවක වැටුනා කියලා.. ඒ මොකද කිව්වොත් මේ කතාව රොබෝ කෙනෙක් එක්ක යන රොබොටික් – IT පැත්තට බර උනු ෆිල්ම් එකක්. ඒකෙත් හොදම එක තමයි මේකේ තොරතුරු තාක්ෂණය ආශ්‍රිතව භාවිතා වෙන වචන තමයි වැඩි හරියක් යොදාගෙන තිබුනේ.. ඉතින් උපසිරැස කරද්දිත් ඒ ඒ වචන සිංහල තේරුමින් දානවද කියලා ලොකු ප්‍රශ්නයක් ආවා.. මොකද මමත් IT ඉගෙන ගන්න කෙනෙක් විදියට මේ තියෙන සමහර ඉංග්‍රිසි පද සිංහලට හරවන්න ගියාම එතන එන්නෙ වෙනම අදහසක්.. ඒ නිසා මම ඉංග්‍රිසියෙන් තියන්න පුළුවන් වචන එහෙම්මම තිබ්බා
හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත්,
Shahid Kapoor – [ආර්යන් අග්නිහෝත්‍රි]
Kriti Sanon – [සිෆ්රා]
Dimple Kapadia – [උර්මිලා ශුක්ලා]
Janhvi Kapoor – [ජියා] – [ආරාධිත රංගනය]
රොබෝ ඉංජිනේරුවෙක් විදියට එයාගේ නැන්දාගේ ආයතනයේ ශාඛාවක සේවය කරන ආර්යන් අග්නිහෝත්‍රි.. තනිකඩව ඉන්න ප්‍රිය කරන කෙනෙක්.. කොච්චර ලස්සන කෙල්ලො ලයින් දැම්මත් ගාණකටවත් ගන්නෙ නැතුව ඉන්න කෙනෙක්.. ඉතින් ඔහොම ඉද්දි එයාගේ නැන්දා උර්මිලා ශුක්ලගේ ආරාධනාවකට මෙයා USA වල ඉ-රොබොටික්ස් ප්‍රධාන මූලස්ථානයට යනවා.. එතනදි එක කෙනෙක්ට ආර්යන්ගේ හිත යනවා.. ඒ කෙනා තමයි ‘සිෆ්රා’ භාහිරින් බැලුවම මනුස්සයෙක් වගේ පෙනුනත් සිෆ්රා කියන්නේ රොබෝ කෙනෙක්. ඉතින් තාම පරීක්ෂණ මට්ටමේ ඉන්න සිෆ්රා ආර්යන් එයාගේ ජීවන සහකාරීය කර ගන්න හිතුවා
මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..











