EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThattassery Koottam (2022) | “තට්ටාසේරි කල්ලිය”
IMDB දර්ශකයෙ 5 ක් වගේ ටිකක් අඩු අගයක් ලබා ගත්තත් කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක් තමයි තට්ටාසේරි කූට්ටම් කියන්නෙ. නමින් කිවුවට ඔයාල කවුරුත්ම වගේ දන්නෙ නැති වුනත් මලයාලම් ෆිල්ම් බලන අය නම් දන්න නළුවෙක් මේන් රෝල් එක කරන්නෙ ඒ නමින් අර්ජුන් අශෝකන්. සුපර් ශාරන්‍යා බලපු අයට මතක ඇති. ඒ වගේම මේ ෆිල්ම් එක නිශ්පාදනයෙන් දායක් වෙලා තියෙන්නෙ මලයාලම් ප්‍රවීණ නළුවෙක් වෙන දිලීප් විසින්. ඒ වගේම ෆිල්ම් එකෙත් අපිට එයාව දකින්න පුළුවන්. මලයාලම් ෆිල්ම් බලන අය ගොඩක් අය දන්න කේරලේ සබරිමාලා කෝවිලත් මේ කතාවට සම්බන්දයි. කතාව මුල් ටික සබරිමාලා වලින් පටන් අරන් තට්ටාසේරි වලට එක පාරටම යන නිසා පොඩ්ඩක් අපැහැදිලි වගේ දැනුනත් ඒ ඔක්කොම ෆිල්ම් එකේ අවසානෙට සම්බන්දයි. ඒක නිසා එක පාරටම මොන විකාරයක්ද කියල සමහරුන්ට හිතෙන්නෙ පුළුවන් ඒකයි මම ඒක ගැන මෙතන සඳහන් කරේ.
Thattassery Koottam (2022) – IMDb
ෆිල්ම් එකේ කතාව පැත්තට හැරුණොත් තට්ටාසේරි ව්ල ජීවත් වෙන සංජු කියන තරුණයත් එයාගෙ යාළුවොත් වටේ තමයි මේ කතාව ගොඩ නැගෙන්නෙ. රත්‍රන් බඩු කර්මාන්තයට (ජුවෙලරි) සම්බන්ද පවුල් වලින් පැවතෙ එන මෙයාල බොහොම විනෝදයෙන් තමයි කාලය ගත කරන්නෙ ඒ අතරෙ සංජුට ගෑණු ළමයෙක් හම්බවෙනවා.ඊට පස්සෙ ඉතින් සිද්ද වෙන සිද්දි එක්ක තමයි මේ කතාව ගලාගෙන යන්නෙ ඊට වඩා මම මොකුත් කියන්නෙ නෑ ඔයාලට කියන්න යන්නෙ නෑ කතාවෙ රසය නැති වෙන හින්ද.





