EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The 100 (2025) | ආත්මාරක්ෂාව සහ සිය වෙනි වගන්තිය

 

මේක action crime thriller යටතට වැටෙන තවත් හොරා පොලිස් කතාවක තෙලිඟු වර්ෂන් එකක් කිව්වොත් නිවැරදියි. ඉතින් ඒ වගේ චිත්‍රපටි බලන තෙළිඟු සිනමා ලෝළීන් මේ චිත්‍රපටියට කැමති වේවි.

100 නමින් ගොඩක් චිත්‍රපටි, ඇවිත් තියෙනවා. ඉන්දියාවෙ එහෙම ආව නම් ඒ පිටිපස්සෙන් තියෙන්නෙ ඉන්දීය දණ්ඩ නීත් සංග්‍රහයෙ තිබෙන ප්‍රසිද්ධ 100 වෙනි වගන්තිය. මේ තුලින් තමන්ගෙ ආත්මාරක්ෂාව පතා ගන්නා කිසියම් හෝ ක්‍රියා මාර්ගයකදී තම ප්‍රතිවාදියෙකුට මොනයම් හෝ හානියක් සිදු උනත් මේ වගන්තියෙන් අදාළ පුද්ගලයාට ආරක්ෂාව ලැබෙනවා. මේ චිත්‍රපටයෙ තේමාව අවසන් විනාඩි කීපයෙදි එනම් climax එකේදි 100 ගෑවෙන නිසාදෝ මේ නම යෙදිල තිබෙනවා.

කතාව ටිකක් කිව්වොත් සහකාර පොලිස් කොමසාරිස් පදවියට නව පත් වීමක් ලබා එන තරුණ පොලිස් නිලධාරියෙක් යම් සිදු වීමක් පස්සේ හඹා යද්දී එකිනෙකට ගැට ගැසුනු යම් සිද්ධීන් සමූහයකට මුහුණ දීමට සිදු වන ආකාරය තමයි මෙහි තිබෙන්නේ.

සාගර් මිෂා නාරංග්, ධාන්‍යා බාල්ක්‍රිශ්ණා, සහ ආනන්ද් මෙහි ප්‍රධාන චරිත රඟන අතර රාඝව් ඕම්කාර් සශිධර් විසින් තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඉතින් මේකත් බලන්න.

Comments