EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Beast Within (2024) | වෘක ශාපයේ වියරුව
වෙයාවුල්ෆ්ලා එහෙමත් නැත්තම් නරවෘකයෝ ඉන්න ෆිල්ම් බලන්න ආස යාළුවෝ මේකට කැමති වෙයි කියලා මම හිතනවා. ඒ වගේම මේක ලොකු බජට් එකකින් සහ ඉහළ ගුණාත්මක බවින් යුතු නිර්මාණයක් නෙමෙයි කියලත් මතක් කරන්න ඕන. කොහොම උනත් මේ වගේ ෆිල්ම් බලන්න ආස අයටනම් මේක බැලුවට පාඩුවක් වෙන්නෙ නෑ.
විලෝ කියන්නේ ඈත ගම්මානයක තමන්ගේ අම්මයි, තාත්තයි, සීයයි එක්ක ජීවත් වෙන පුංචි ගෑණු ළමයෙක්. ඉතිං විලො පොඩි කාලේ ඉඳන් දැනුම් තේරුම් ඇති කාලේ වෙනකන් මෙයාගේ තාත්තා වැඩිය මෙයත් එක්ක කාලය ගත කරලා නෑ. මාසේකට දවස් කීපයක්ම විලෝගේ අම්මා හවස් වෙලා තාත්තා එක්ක වාහනේ ගිහින් ආපහු පාන්දර යාමේට තමයි ගෙදර එන්නේ. ඉතිං විලෝ මේ ගැන එයාලගෙන් ප්‍රශ්න කරනවා වගේම තනියෙන් මේ ගැන සොයලා බලද්දි තමයි පරම්පරාගත බිහිසුණු ශාපයක් ගැන දැනගන්න ලැබෙන්නේ. ඉතිං මේ ශාපය මොකක්ද? විලෝගේ තාත්තා මොකද මේ කරන්නේ? කියන දේ දැනගන්න ඔයාලත් දැන්ම මේ ෆිල්ම් එක නරඹලා ඉන්න.
Mystery / Horror කාණ්ඩයට වර්ගීකරණය කරලා තිබෙන The Beast Within චිත්‍රපටය මේ වෙද්දි 4.3ක IMDb අගයක් සහ 73%ක ගූගල් මනාප ලබාගෙන තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Alexander J. Farrell විසින්. ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතා මාලාවේ ජෝන් ස්නෝ ලෙසින් හමුවූ Kit Harington නෝවා ලෙසත්, Ashleigh Cummings ඉමොජෙන් ලෙසත්, Caoilinn Springall විලෝ ලෙසත් රංගනයෙන් දායක වෙනවා.








