EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Boys in the Boat (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Ben Wicks, George Clooney, Illias Thoms, James Leathers, Jo Tew, Krishan Sharda, Lee Grumett, Liz West
Cast
Go Full Cast PageThe Boys in the Boat (2023) | හිට්ලර් පරාද කළ වොෂින්ටන් කොළු රෑන
‘හිටිලර් පරාද කළ වොෂින්ටන් කොළු රෑන’ – The Boys In the Boat
ඔරු පැදීම යනු තවදුරටත් ප්‍රවාහන සේවයක් පමණක් නොවන යුගයක එය ලෝකයේ පවතින විශාලතම ක්‍රීඩා උත්සවයට මහා ක්‍රීඩාවක් වී අවසන් ය. සවි ශක්තියෙන් සුසැදි දේහධාරි තරුයන් අට දෙනකු විසින් ලීයෙන් තැනු ඔරු කඳක් සමඟ ජල රළ පහරට එරෙහිව කාලය සමඟ කරන හරඹයක් වෙි නමි ඒ ඔරු පැදීම ක්‍රීඩාව නමි වෙි. නෙතට ප්‍රිය නංවන අපුරු ක්‍රීඩාවකි. ඔලිම්පික් ඉතිහාසයේ සැඟවී ගිය එක්තරා නිශ්චිත ජයග්‍රහණයක්. ඒ වගේම නිශ්චිත මොහොතක් පිළිබඳ කියැවෙන ‘ද බෝයිස් ඉන් ද බෝට්’ 2023 වසරේ තිරගත වූ හොලිවුඩ් චිත්‍රපටය සත්‍ය කතාවක් පෙරදැරි කරගෙන නිර්මිත චිත්‍රපටයකි. ඒ ජයග්‍රහණයක් පිළිබඳවය. ජයග්‍රහණය සඳහා තැබූ පියවර මොනවාද? ජයග්‍රහණය සිදු වූයේ කෙසේද? ජයග්‍රහණය අත් කරගන්නට තිබු බාධා කවරෙක්ද? යන සාමිප්‍රදායික Biology – Sport චිත්‍රපටයක අන්තර්ගත විය යුතු තොරතුරු ප්‍රමාණයක් ‘බෝයිස් ඉන් ද බෝටි’ චිත්‍රපට සඳහන් කරනවා.
The Boys in the Boat (2023) Sinhala Subtitles
ඇමරිකානු ක්‍රීඩා ඉතිහාසය තුළ ඔබ නොදත් එක්තරා ජයග්‍රාහී සත්‍ය කතන්දරයක තතු පිළිබඳ ‘ද බෝයිස් ඉන් ද බෝට්’ චිත්‍රපටය අපට කියනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ හොලිවුඩයේ මහා නළු සේම අධ්‍යක්ෂවරයකු වන ‘ජෝර්ජ් ක්ලුනි’ විසිනි. චිත්‍රපටය සාමිප්‍රදායික වූ ‘biographical sports drama’ ශානරයේ චිත්‍රපටයකි. චිත්‍රපටය මීට වඩා සංස්කරණ ශිල්ප ක්‍රම සහ රූපරාමු රිද්මයක් සමඟින් නිම කිරීමට තිබු බවයි මගේ අදහස නමි. චිත්‍රපටය විසින් සිදු කරන්නේ යථාර්ථය ප්‍රතිනිර්මාණය පමණකි. කෙසේ වෙතත් හබල් ඔරු පැදීමෙි ක්‍රීඩාව තුළ ඇමරිකාව විසින් දූෂ්කර මොහොතක ලැබූ එක් නිශ්චිත ජයග්‍රාහි මොහොතක් පිළිබඳ ‘ද බෝයිස් ඉන් ද බෝට්’ චිත්‍රපටය සටහන් කරනවා.
-මලින්ත විතානගේ-
The Boys in the Boat (2023) Sinhala Subtitles
මේ ලිපිය මම අහම්බෙන් වගේ දකිනවා ෆේස්බුක් එකේ උඩට පහල යන දවසක. මේක මගේ හිතවත් මලින්තගේ ලිපියක්. දෙවන ලෝක යුධ සමය වගේම සත්‍ය සිදුවීම් අලලා නිර්මාණය වන චිත්‍රපට වලට පොඩි ඇල්මක් තියන නිසාම ෆිල්ම් එක හොයාගෙන බලන්න හිතුනා. හැබැයි ඒ වෙනකොටත් මේකට සිංහල සබ් නම් ඇවිල්ලා තිබුනේ නෑ. පස්සේ මං හිතවත් විමුක්ති සහෝදරයට චිත්‍රපටයේ පෝස්ටරය යැව්වා. ඇහුවා මගෙන් කරන්නද යන්නේ කියලා. ලයින් 2000+ තියනවා. වැඩත් වැඩි අස්සේ මං ඇහුවා හිමීට කරන්නද කියලා. මේල් එකක් දාපන් කිව්වා. ඔන්න ඔහොම තමයි The Boys in the Boat කියන Sport/Drama චිත්‍රපටයට සිංහල උපසිරසි හදන්න පෙළඹෙන්නේ. මේක 2023 වසරේ දෙසැම්බර් අවසාන සතියේ තිරගතවීම ආරම්බ කරපු චිත්‍රපටයක්.
The Boys in the Boat (2023) Sinhala Subtitles
චිත්‍රපටයේ රංගනයෙන් Joel Edgerton කෝච් උල්බ්‍රික්සන් ලෙසත්, Callum Turner ජෝ රැන්ට්ස් ලෙසත්, Peter Guinness ජෝර්ජ් ලෙසත් Hadley Robinson ජොයිසි සිම්ඩර්ස් ලෙසත් ඇතුළු Jack Mulhern, James Wolk, Courtney Henggeler සමගින් රංඟන ශිල්පීන් රැසක් එකතු වේ. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ හොලිවුඩයේ අදටත් කඩවසම් නළුවෙක් ලෙස විරුදාවලිය ලත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන George Clooney ය.
චිත්‍රපටය වෙනුවෙන් දැනට IMDb 7/10 ක අගයක් ලැබී ඇති අතර Rotten Tomatoes 57% ක අගයක් ලැබී ඇත.











