EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Butterfly House (2025) | “නැන්දාගේ මරණය”

 

2025 වසරේ එළිදක්වන ළද The Butterfly House (මුල් නම: Pernikahan Arwah) කියන්නේ ඉන්දුනීසියානු භීතිජනක (horror) චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Paul Agusta විසින්. Ario Sasongko සහ Aldo Swastia විසින් පිටපත ලියා තියෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත Morgan Oey (Salim ලෙස), Zulfa Maharani (Tasya ලෙස) සහ Jourdy Pranata (Febri ලෙස) විසින් රඟපා තියෙනවා. චිත්‍රපටයේ අනෙකුත් රංගන ශිල්පීන් අතරට Brigitta Cynthia, Puty Sjahrul, Ama Gerald ඇතුළත් වෙනවා.

චිත්‍රපටයේ ධාවන කාලය පැය 1 විනාඩි 41ක් වන අතර TV-MA ශ්‍රේණිගත කිරීමක් ලබා තියෙනවා.

කතාව පැත්තට ගියොත්, Salim සහ Tasya නම් යුවලක් එයාලගෙ විවාහයට සූදානම් වෙලා ඉන්නවා. ඒත්, Salim ගේ එකම ලේ ඥාතියා වන නැන්දාගේ මරණය එයාලගේ සැලසුම්වලට බාධා කරනවා.

2025 පෙබරවාරි 27 වන දින ඉන්දුනීසියාවේ ප්‍රදර්ශනයට ලක් වූ මේ චිත්‍රපටය ඉන්දුනීසියානු සහ චීන භාෂාවලින් නිර්මාණය කර තියෙනවා. East Java හි Rembang ප්‍රදේශයේ රූගත කර ඇති මේ චිත්‍රපටය චීන-ඉන්දුනීසියානු සංස්කෘතික සම්ප්‍රදායන් පිළිබඳව පෙන්නුම් කරනවා.

හොරර් චිත්‍රපට ලෝලීන්ට සහ ආසියානු සිනමාවට ආසම අයට මේ චිත්‍රපටය විශේෂ අත්දැකීමක් ලබා දෙයි.

Comments