EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
වදුරු මුහුණු දාම ඝාතන රැල්ලේ අභිරහස
මේ සිද්ධි දාමය සිදුවන්නේ එක්තරා පුංචි ගමක. එක්තරා රැක තනියෙන් යන කෙල්ලෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ තැතක්. ඉන්පසු නගරේ මන්ත්‍රීගේ පුතාගේ ඝාතනයක්. මේක අවසානයේදී ඝාතන රැල්ලක් විදිහට යනවා. මේක අන්තිමේදී විසදන්නේ ඒ පුංචි නගරේ ඉන්න පොලිසියේ සාමාන්‍ය කොස්තාපල් වරයෙක්.
මේ වැඩේ කරන්නේ කවුද? කවුද මෙයාට උදව් දෙන කෙනා? ඇයි මේ වගේ දේ කරන්නේ? මේකට විසදුම මේ චිත්‍රපටයේ ඇතුලෙම තියෙනවා.
ආ දෙයක් තියෙනවා කියන්න.. මේකේ අන්තිම ටික හිත සංවේදී වෙන තැනක්. ඒ හින්දා මුල ඉදන්ම බලන්නකෝ..
ඉතින් ශම්භාලා එකට ලැබිච්ච හොද ප්‍රතිචාර නිසාම මට හිතුණා ඇක්ෂන් ගනයේ චිත්‍රපටයකට උපසිරැසියක් කරන්න. ඒ වගේ එකක් හොය හොය ඉද්දි මේක මට භාර දුන්නේ බයිස්කෝප් සිංහලෙන් සයිට් එකේ ඇඩ්මින් කෙනෙක් වුනු රවිදු හේෂාන් අයියා. ඉතින් එයාට ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා.
මේකේ ඔරිජිනල් පිටපත් ඇවිල්ලා ටික දවසක් වුනාට මේකේ උපසිරසියක් හරියට තිබුනේ නෑ. ඔරිජිනල් පිටපත ඩවුන්ලෝඩ් කරලා බැලුවට පස්සේ තමයි දෙවියෝ සිහි වුනේ. ඒ පිටපතේ ESub එකක් නෑ. දැන් මොකක්ද කරන්නේ කියලා කල්පනා කලාම කැමියක් හොයාගෙන ඒකේ ඒ ESub එක පිහිටෙන් පුංචි තෙලිගු දැනුමත් එක්කහු කරගෙන වැඩේට බැස්සා. ඒකෙන් සබ හදලා ඔන්න සින්ක් කළා ඈ.
එහෙනම් ඉතින් විස්තරේට යමු.
මේකේ නම Constable. 2025 ඔක්තෝම්බර් 10 වෙනිදා නිකුත් කරපු මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය Aryan Subhan SK ගෙන්. එයයි කතාව ලියන්නේ. නිෂ්පාදනය Balagam Jagadish ගෙන්. සංගීතය Gyaani සහ Subhash Anand ගෙන්. මේකේ ධාවන කාලය මිනිත්තු 130ක්.
රංගනයෙන් Varun Sandesh, Madhulika Varanasi ට අමතරව Surya Kumar Bhagawan Das, Kalpa Latha, Muralidhar Goud ඇතුළු රංගන ශිල්පින් රැසක් රංගනයෙන් දායක වෙනවා.
Varun Sandesh ගේ මීලග චිත්‍රපට වෙන්නේ Yadbhaavam Tadbhavati වගේම Chitram Chudara යන ඒවා.
මේ චිත්‍රපටය වෙනුවෙන් IMDB දර්ශකය 7.9/10 අගයක් ලබාදීලා තියෙනවා.


