EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Conversation (1974) | සංවාද

1974 වසරේ කෑන්ස් සම්මාන උළෙලේ Palme d’Or සම්මානයෙන් පිදුම් ලැබූ චිත්‍රපටිය වන The Conversation (1974) චිත්‍රපටියටයි. ඔව්, මේක සියවසකින් බාගයක්, ඒ කියන්නේ අවුරුදු 50ක් පරණ චිත්‍රපටියක්. ඒවගේම මම සාමාන්‍යයෙන් උපසිරසි ගන්වන චිත්‍රපටි කුලකයෙන් බාහිරව තියෙන චිත්‍රපටියක්.

මේ චිත්‍රපටියේ ප්‍රධාන ෆෝකස් එක වෙන්නේ “හැරී කාල්” නම් වයර්ටැපර් කෙනෙක්. 1970 ගණන්වල තිබුණේ දැන් තියෙනවා වගේ ජංගම දුරකථන නෙමෙයිනේ. ඒකාලේ දුරකථන සංවාදවලට හොරෙන් ඇහුම්කන් දෙන එක අද කාලේ එහෙම කරනවට වඩා හුඟක් ලේසියි. ඉතින් මෙන්න මේක තම රාජකාරිය කරගත්ත කෙනෙක් තමයි “වයර්ටැපර්” කෙනෙක් කියන්නේ. හැරී කාල්ගේ අනුග්‍රාහකයෙක් එයාට දීලා තියෙනවා තරුණයෙක් සහ තරුණියක් අතර සිද්ධවෙන කතාබහක් පටිගත කරන්න. ඒ වටා තමයි මුළු ෆිල්ම් එකම ගෙතිලා තියෙන්නේ. කතාව ස්පොයිල් වෙන නිසා මං එතනින් නවත්තන්නම්කෝ.

චිත්‍රපටයේ මුල ඉඳන් අග දක්වාම මේ ‘සංවාදය’ සහ එහි තේරුම මොකක් ද කියන එක හරහා ඔයාව කුතුහලයෙන් තියාගන්න සමත් වේවි. ඒවගේම අවුරුදු 50ක් පරණ ෆිල්ම් එකක් නිසා අද කාලේ ෆිල්ම්වලට වඩා වැඩි attention span එකක් ඕන වේවි. ඒවගේම මේක ටිකක් අමුතු ෆිල්ම් එකක්. ෆිල්ම් එක ඉවර වෙනකොට, ප්‍රශ්නවලට උත්තර ලැබුණද? නැත්නම් ප්‍රශ්න දෙගුණ වුණාද කියලා බලලා ඇවිත් කොමෙන්ටුවක් කොටාගෙන යන්නකෝ.

Comments