CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1382 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [With Ads]
The Damned (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Damned (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jan. 03, 2025Ireland89 Min.
Your rating: 0
3.8 4 votes
The Damned (2024) | රුදුරු හිමබිමේ අද්භූත මාරයා

ඔයාලට තවත් හොරර් ෆිල්ම් එකක් උස්සගෙන ආවා. ඇත්තටම මේක හොරර් ෆිලුමක්ම කියලා කියන්නත් බෑ. මොකද මේ සලරුව නිර්මාණය වෙලා තියෙන්නේ නෝර්වීජියානු මිත්‍යා ප්‍රවාදයක් ආශ්‍රය කරගෙන. ඒ වගේම මේක කාගෙවත් වැඩි අවධානයකට ලක් නොවුනු හොඳ නිර්මාණයක් කියලා කියන්න පුළුවන්. ඉතිං හොල්මන් ෆිල්ම් බලන්න ආස අපේ යාළුවෝ හැමෝම මේකට කැමති වෙයි කියලා හිතනවා. එහෙනම් කතාව ගැන කියන්න කලින් මේ චිත්‍රපටයේ තොරතුරු ටිකකුත් බලලා ඉමු.

The Damned ෆිල්ම් එක මේ වෙද්දි 6.0ක හොඳ IMDb අගයක් සහ රොටන් ටොමෑටෝවල 90%ක් වගේ දැවැන්ත අගයක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මේක Folk Horror කාණ්ඩය යටතේ තමයි වර්ගීකරණය කරලා තියෙන්නේ. ඔයාලා The Ritual (2017), The Witch (2015), Sleepy Hollow  (1999) සහ Midsommer (2019) වගේ ෆිල්ම් බලලා තියෙනවනම් මේකත් අන්න ඒ වගේ ෆිලුමක්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Thordur Palsson මහත්මයා විසින්. ඒ වගේම මෙහි Odessa Young ඊවා ලෙසත්, සුපතල පීකී බ්ලයින්ඩර්ස් කතා මාලාවේ ජෝන් ශෙල්බි ලෙස රංගනයෙන් දායක උන Joe Cole ඩැනියෙල් ලෙසත්, Game of Thrones කතාමාලාව තුලින් සැන්ඩෝර් “ද හවුන්ඩ්” ක්ලේගන් ලෙස ජනාදරයට පත්වුන Rory McCann රැග්නා ලෙසත් රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටය ඇමරිකාව තුල නිකුත් වෙන්නේ මේ මාසේ 03 වෙනිදා. අඩු බජට් එකකින් නිමවුන මේ සලරුව මේ වෙද්දි ඩොලර් මිලියන 1.3ක බොක්ස් ඔෆිස් ආදායමක් ලබාගෙන තියෙන බවත් මතක් කරන්න ඕන.

මේ සලරුව අයත් වෙන්නේ Folk Horror කාණ්ඩයට කියලා මම කිව්වනේ. ඉතිං මේ පැරණි මිත්‍යා ප්‍රවාද වලින් නිර්මාණය උන චිත්‍රපටි රැසක් අපිට දකින්න ලැබිලා තියෙනවා. ඒ අතර නෝර්වීජියානු ප්‍රවාද ලොවපුරා අතිශය ජනප්‍රිය බව හැමෝම දන්නවනේ. ඒකට උදාහරණ විදියට තෝර්, ලෝකි, ඔඩින්, බෝර්, ෆ්රීගා වගේ චරිත පෙන්නන්න පුළුවන්. ඩෘගර් කියන්නෙත් අන්න ඒ වගේ නෝර්වීජියානු ප්‍රවාද වල එන රාක්ෂ චරිතයක්. ඈත කාලයේ මුහුදේදි අනතුරු වලින් මියයන නාවිකයන්ව නිසි ලෙස භූමීදානය කරේ නැත්තම් එයාලව ඩෘගර් විසින් නැගිට්ටවනවා කියලා ඔවුන් විශ්වාස කලා. ඒ කියන්නේ කොටින්ම ඒ මළසිරුරු සොම්බින් වගේ තත්වෙකට පත් වෙනවා. ඒ වගේම ඩෘගර් විසින් තමන් අවට ඉන්න හැමෝගෙම මනස වියවුල් කරලා මැරෙන තැනටම පත් කරන බවත් සඳහන් වෙනවා. ඉතිං මේ දේ වලක්වන්නනම් නාවිකයෙක් මියගියාම ඔහුගේ මළසිරුරේ පතුල් වලට යකඩ ඇණ ගහලා, ගැටයක් යෙදූ ලණු වලින් ඔහුව ගැටගහලා, මිනී පෙට්ටිය තුන් වතාවක් කරකවලා වලලන්න ඕන කියලා විශ්වාසයක් තියෙනවා.

ඊවා කියන්නේ 19 වන සියවසේ ආක්ටික් බොක්කේ තියෙන මසුන් අල්ලන තිප්පොලක අයිතිකාරි. ඇත්තටම මේක එයාගේ සැමියට අයිති එකක් වගේම එයා දැන් මිය ගිහින් නිසා ඊවා තමයි මේ තැන බලාගන්නේ. දවසක් මේ තිප්පල ගාව අයිස් පරයක ගැටිලා නැවක් අනතුරට පත්වෙනවා. එතනින් පස්සේ ඊවටයි, එයාගේ කණ්ඩායමටයි මේ ඩෘගර්ගේ ශාපයට මූණ දෙන්න සිද්ධ වෙන විදිය ඔයාලට මේ සිනමාපටයෙන් බලාගන්න පුළුවන්.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baicopelk)
IMDb 5.7 /10 2,665 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Max Payne (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Muzzle (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rurouni Kenshin Part I: Origins (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sinners (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Women Talking (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Sita Ramam (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Brindaavanam (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Extra Ordinary Man (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Allied (2016) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Innale Vare (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Call Me Chihiro (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Uglies (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Niroshan February 10, 2025 Reply

    Tnx

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published