CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
1682 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [No Ads]
The Deer Hunter (1978) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Deer Hunter (1978) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 08, 1978United States183 Min.
Your rating: 0
10 2 votes
The Deer Hunter (1978) | යුද්ධයෙන් අගනා පාඩමක්!

The Deer Hunter 1978

අපූරු යාළුවෝ ටිකක්. දුකේදීත් සැපේදිත් එකටම ඉන්න. මේ අතරින් තුන් දෙනෙක් වියට්නාම් යුද්ධෙට යනවා. එහිදී යුධ සිරකරුවන් බවට පත්වන මොවන්ට මුහුණ දෙන්න වෙන්නේ ඉතාම කුරිරු ඉරණමකටයි. ඉරණමට වඩා මේක සූදුවක්. සල්ලි උඩ මියැදෙන ජීවිත. කෙසේ හෝ ඔවුන් මෙයින් පලා ආවත්, ඒ යුද්ධයේ අඳුරු සෙවණැලි මෙයාලගේ ජීවිත ඇතුලේ හොල්මන් කරනවා. හිත හයිය සමහරු එයින් එළියට ආවත් දුර්වල හිත් ඇති අය ඒ තුලම මියැදෙනවා. අපිත් යුද්ධෙන් දශක තුනක් බැට කාපු අය. අපෙත් හිත් ඇතුලේ අදුරු අහුමුළු වල යුද්ධයේ කුරිරු බව හොල්මන් කරනවා.

යුද්ධය පසුබිම් වුනත් මෙය යුධ චිත්‍රපටයක් නෙවෙයි. එනිසාම මේක මඟහැරගන්නත් එපා. චිත්‍රපටයේ රංඟනයෙන් දායක වෙන්නේ Robert De Niro, John Cazale, John Savage, සුරූපී Meryl Streep සමඟින් Christopher Walken ය. චිත්‍රපටයේ කතාව Deric Washburn, Michael Cimino සහ Louis A. Garfinkle සමඟින් Quinn K. Redeker විසිනි. තිර රචනය Deric Washburn ය. Barry Spikings, Michael Deeley, Michael Cimino සහ John Peverall නිෂ්පාදනය කල අතර අධ්‍යක්ෂණය Michael Cimino විසිනි. චිත්‍රපටය මුලින්ම ලෝස් ඇන්ජලීස් වල 1978 දෙසැම්බර් 08 වන දා තිරගත වූ අතර 1979 පෙබරවාරි 23 වන දා සිට එක්සත් ජනපදය පුරා තිරගත වීම ආරම්භ කෙරුණි. විනාඩි 184 ක් (පැය 03 විනාඩි 04ක්) ධාවන කාලයකින් යුත් මෙම චිත්‍රපටයේ නිෂ්පාදන පිරිවැය ඇ.ඩොලර් මිලියන 15 වන අතර ආදායම ඇ.ඩොලර් මිලියන 49 ක් පමණ වේ.

ඉංග්‍රිසි බසට අමතරව පසුව රුසියානු, වියට්නාම් සහ ප්‍රංශ බසින්ද මෙම චිත්‍රපටය තිරගත වී ඇත. The Deer Hunter චිත්‍රපටය වෙනුවෙන් ඔස්කාර් සම්මාන (Academy Awards), American Cinema Editors Awards, American Movie Awards, British Academy Film Awards, Golden Globe Awards ඇතුළු සම්මාන උළෙල රැසකින් සම්මාන පිදුම් ලබා ඇත. චිත්‍රපටය සඳහා IMDb දර්ශකයේ 8.1ක්, Rotten Tomatoes 92% ක් සහ Google පරිශීලිකයින්ගෙන් 86%ක කැමැත්ත ලැබී ඇත.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රොෂාන් ශමීර ජයසිංහ (Baiscopelk)
IMDb 8.1 /10 361,064 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Robert De Niro isMichael Vronsky
Michael Vronsky
Christopher Walken isNikanor
Nikanor "Nick" Chevotarevich
John Savage isSteven Pushkov
Steven Pushkov
Amy Wright isBridesmaid
Bridesmaid
Richard Kuss isLinda's Father
Linda's Father

Similar titles

Pippa (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Rise of the Planet of the Apes (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Worst Person in the World (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Deliver Us (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Maleficent: Mistress of Evil (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Trolls Holiday in Harmony (2021)  Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ash (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
American Pie Presents: Girls’ Rules (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Expendables 3 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
We Live in Time (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Terminator Genisys (2015) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Drishyam 2 (2021) Sinhala Subtitles | Watch Online

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published