CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2738 Views

  • Watch trailer
  • Player 01 [ NO Ads]
  • Player 02 [ With Ads]
  • Player 03 [ With Ads]
The Exorcist: Believer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Exorcist: Believer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 04, 2023United States111 Min.
Your rating: 0
9.3 13 votes
The Exorcist: Believer (2023) | අදෘශ්‍යමානයේ දෘශ්ඨික වියරුව!

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් අපෙන් උපසිරැසි ඉල්ලලා තිබුනු මෑතකාලයේ නිකුත් වුණ The Exorcist: Believer චිත්‍රපටය. මේ ෆිල්ම් එක ඇවිල්ලා ජනප්‍රිය හොරර් චිත්‍රපට මාලාවක් වෙන The Exorcist හි හය වෙනි චිත්‍රපටය. මේක 1973 දි නිකුත් වුණ The Exorcist පලවෙනි චිත්‍රපටයේ ඩිරෙක්ට් සීක්වල් එකක් විදිහට තමා නිපද වෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටයේ තව සීක්වල් එකකුත් The Exorcist: Deceiver යන නමින් 2025 නිකුත් වෙන්නත් නියමිතයි.

මේ ෆිල්ම් එක සිනමා ශාලාවල් වලට නිකුත් වුනේ 2023 ඔක්තෝම්බර් 06 වෙනිදා Universal Pictures ආයතනය හරහා. චිත්‍රපටය නිෂ්පාදනයට ඇමරිකානු ඩොලර් මිලියන 30 වැය වෙලා තියෙනවා වගේම ඇමරිකානු ඩොලර් මිලියන 130 ආදායමක් උපය ගන්නත් මේ චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා. මෙය අධ්‍යක්ෂණය කරන්නේ David Gordon Green විසින්. ඒ වගේම මේක The Exorcist පලමු චිත්‍රපටයේ සීක්වල් එකක් නිසා ඒකෙ චරිතත් අපිට මේකෙදි බලාගන්න හැකිවෙනවා, ඒ අනුව මෙයට රංගනයෙන් දායක වෙනවා Leslie Odom Jr. / Lidya Jewett / Olivia O’Neill / Jennifer Nettles / Norbert Leo Butz / Ann Dowd / Ellen Burstyn වැනි අය.

මේ ෆිල්ම් එකේ ප්‍රේක්ශක ප්‍රතිචාර ගැන කතා කළොත්, ඒ අතින් නම් මේක එච්චරම සාර්ථකත නිර්මාණයක් වෙන්න සමත් වෙන්නෑ. හැම අතින්ම මේකට සෘනාත්මක ප්‍රතිචාර තමයි හම්බ වුනේ. IMDb දර්ශකෙත් මේ වෙනකොට මනාප 25,500 අධික ප්‍රමානයකින් 4.9/10 අගයක් තමා ගන්න සමත් වෙලා තියෙන්නෙ. ඒ වගේම කුණු තක්කාලිත් 22% වගේ තමයි ලැබිල තියෙන්නේ.

මේකෙ කතාව ගැන මතක් කරනවා නම්, ඇන්ජෙලා කියන්නේ ඉපදෙනකොටම අම්මාව අහිමි කරන් ඉපදුනු දරුවෙක්. ඒ නිසා කුඩා කල සිට මෙයාට අම්මගෙ ආදරය ලැබෙන්නෑ. ඒත් මෙයාට අම්මා කතා කරනව වගේ සද්ද ඇහෙන්න ගන්නවා. ඉතින් මෙයාට ඕනෙ වෙනවා ඒ ඇහෙන සද්ද ඇත්තටම අම්මද කතා කරන්නෙ කියල දැනගන්න. දවසක් මෙයයි එයාගෙ හොඳම යාලුවා වෙන කැතරිනුයි ගෙදරටත් හොරෙන් කැලෑවට ගිහිල්ලා ඇන්ජලාගෙ අම්මා එක්ක සම්බන්ද වෙන්න බලනවා. ඒකෙන් නොහිතපු විදිහට ප්‍රශ්න රාශියක් ඇති වෙනවා. කොටින්ම මෙයාලගෙ ගෙදර අයට පවා හොයාගන්න බැරිවිදිහට මෙයාල අතුරුදහන් වෙනවා. ඉතිං ඇත්තටම මොකක්ද මේ ළමයි දෙන්නට වුනේ? එයාල ඇත්තටම ඇන්ජලාගෙ අම්මාව සම්බන්ධ කරගත්තද? නැතිනම් ඒකෙන් වෙනත් යක්ෂාත්මයක් එයාල තුලට එන්න පාර කැපුනද?

මේව දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා. එහෙනම් ඉතිං එච්චරයි ෆිල්ම් එක ගැන කියන්න තියෙන්නෙ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම Bimsara Yashan (ඔලිව) | දුලක්ෂ සම්පත් (Baiscopelk)
IMDb 4.9 /10 26,183 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Leslie Odom Jr. isVictor Fielding
Victor Fielding
Lidya Jewett isAngela Fielding
Angela Fielding
Olivia Marcum isKatherine West
Katherine West
Ann Dowd isNurse Ann Brooks
Nurse Ann Brooks
Jennifer Nettles isMiranda West
Miranda West
Raphael Sbarge isPastor Don Revans
Pastor Don Revans
E.J. Bonilla isFather Maddox
Father Maddox
Ellen Burstyn isChris MacNeil
Chris MacNeil

Similar titles

News of the World (2020) With Sinhala Subtitles
Piranha 3DD (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Prey for the Devil (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Collective (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Omen (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jumanji: The Next Level (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Dybbuk (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Green Lantern (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Star Wars: Episode 7- The Force Awakens (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vash (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Casper (1995) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Raju Gari Gadhi 3 (2019) Sinhala Subtitles  | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published