EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Family Plan 2 (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Country:United States of America
Year:2025
Subtitle By: රුක්ෂාන් ඛාන් (රුකා) (Cinerulk )
Country: United States, United Kingdom
Cast
Go Full Cast PageThe Family Plan 2 (2025) | වැළලුණු අතීතය යළි පසුපස හඹා එයි
වේලාසනම මෙදාපාර නත්තලට මං ගානේ දෙන තෑග්ග තමා මේ. 2023 වර්ෂයේදී නිකුත් වූ ‘The Famliy Plan’ චිත්‍රපටයේ sequel එකක් එහෙමත් නැත්තම් දෙවනි චිත්‍රපටය මේ නොවැම්බර් මස 22 දා නිකුත් වුනායි පස්සෙ කඩමුඩියෙම උපසිරැසි අරන් ආවා ඔන්න.
ඉතිං මං පලවෙනි චිත්‍රපටයට උපසිරැසි ගන්වපු නිසාම එහි දෙවනි චිත්‍රපටයටත් උපසිරැසි අරගෙන එන්න ඕනෙමයි කියලා කල්පනා කළා. කතාව පැත්තට හැරුනොත් පලවෙනි චිත්‍රපටය වගේම Action/comedy ටයිප් එකට තමා වැටෙන්නෙ.
මේ වෙද්දි චිත්‍රපටය 5.6/10 IMDb අගයක්ද ලබාගෙන තියෙනවා. ඒවගේම සුපුරුදු පරිදි පලවෙනි චිත්‍රපටයේ සෙට් එකම තමා ඉන්නෙ. ඒ නිසා නළු නිළි කැල අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නැහැනේ. පලවෙනි කතාවෙන් අවුරුදු කීපයකට පසුව සිද්ධ වන සිද්ධි දාමයන් වටා තමයි කතාව ගෙතෙන්නෙ. ලාවට වගෙ මතක් කළොත් ලෝක ප්‍රසිද්ධ මැරයෙක්ගෙ පුතෙක් වන ෂෝන් මකැෆ්‍රිව, පවුලේ අය පිටින්ම මරන්න තාත්තා පන්නපු විදිහට පලවෙනි කතාව බැලුවානං ඔයාලට අමතක ඇතිනේ. එහෙනම් මෙදා පාර ෂෝන්ව මරන්න පස්සෙන් එන්නෙ කවුද බලන්නකො. වෙලාව යනවා තේරෙන්නැතුව හොඳ ආතල් එකේ පවුලේ අයත්ල එක්කම බලන්න පුළුවන් enjoyable ෆිල්ම් එකක්.
එහෙනම් සුපුරුදු පරිදි අදත් මේක බලන්න ඔයාලට ආරාධනා කරලා මං යනවා!











