EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Garfield Movie (2024) | කිරි හොරකම
යාලා හැමෝම ඉතින් ගාෆීල්ඩ්ව දන්නවනේ නොදන්න කෙනෙක් ඉන්න බෑ. මං හිතන්නේ සිරසේ තාමත් කාටූන් එක යනවා. චිත්‍රපටිය අයත්වෙන්නේ Family/Comedy කාණ්ඩයට සහ පැය 1 මිනි: 41ක ධාවන කාලයක් තියෙනවා. මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය කරන්නේ Mark Dindal විසින්. Sony ආයතනයෙන් බෙදාහැරීම කරන අතර ලොව වටා මිලියන 240කට ආසන්න ඉහල බොක්සොෆිස් ආදායමක් ගන්න සමත්වුණා. හඬ දායකත්වය ලබාදෙන්නේ ප්‍රසිද්ධ පිරිසකගේ එකතුවෙන්. Chris Pratt, Samuel L. Jackson, Snoop Dogg, Nicholas Hoult, Ving Rhames, Hannah Waddingham ඒ අතර ඉන්නවා.
ප්‍රධාන චරිත කිහිපය,
මේ චිත්‍රපටයේදී අපිට කලින් නොදැකපු ගාෆීල්ඩ්ගේ ස්ටෝරියක් දකින්න පුලුවන්. ඒ ජෝන්ට කොහොමද ගාෆීල්ඩ්ව හම්බවුණේ කියලා. ගාෆීල්ඩ්ගේ තාත්තා එයාව පාරේ තියලා යනවා. පුංචි කාලෙ ඉදලම කෑම වලට පෙරේත ගාෆිල්ඩ් සුවඳක් දිගේ යනවා. ඔන්න ඔහොම ගිහින් තමා ජෝන්ව හම්බවෙන්නේ. ඔහොම කාලය ගෙවිලා යනවා ගෙදරට ඕඩිවත් අරන් එනවා ජෝන්.
චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ පැහැරගැනීමක් එක්ක. සාමාන්‍ය විදිහට කකා බිබි දවස් ගෙවාගෙන ඉන්නකොට දවසක් රෑ ගාෆීල්ඩ්වයි ඕඩිවයි දෙන්නෙක් පැහැරගන්නවා. දෙන්නෙක් කියන්නේ බල්ලෝ දෙන්නෙක්. ඉතින් අල්ලන් ගිහින් කබයකින් එල්ලලා තියෙද්දි සම්පූර්ණයෙන්ම ඇඟ වහගෙන ඉන්න කෙනෙක් ඇවිත් බේරගන්නවා. ඉතින් ඒ කවුද? පැහැරගත්ත අය කවුද? ඒ පැහැරගත්ත හේතුව මොකක්ද? ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.
මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ.













