EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The King’s Daughter (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Mathieu Turi, Sean McNamara
Cast
Go Full Cast PageThe King’s Daughter (2022) | “කුමරියට හමුවූ සයුරේ මිතුරිය”
ආයුබෝවන් හැමෝටම,..♥ ඔන්න අද ගෙනාවෙ මේ ළඟදි 2022 නිකුත් උන ලස්සන ඉංග්‍රීසි ෆිල්ම් එකක්… The King’s Daughter කියන්නෙ Barry Berman සහ James Schamus ගේ තිර රචනයකින් වගේම Sean McNamara විසින් අධ්‍යක්ෂණය කරපු ලද 2022 ඇමරිකානු ක්‍රියාදාම – ත්‍රාසජනක ෆැන්ටසි චිත්‍රපටියක්.
ඒක 1997 දී Vonda N. McIntyre රචනා කරපු The Moon and the Sun නවකතාව මත පදනම් වෙනවා. මෙහිදී ජනප්‍රිය නළු Pierce Brosnan ලූවී රජු ලෙසත් (DC එකේ doctor fate) , මාරි ජෝෂප් ලෙස Kaya Scodelario ත්, ඉව්ස් ඩි ලා ක්‍රොයික්ස් ලෙස Benjamin Walkerනුත් රංගනයෙන් දායක වෙනවා. ෆිල්ම් එක ගැන කෙටියෙන් හැඳින්නුවොත් ප්‍රංශය ගැන මාළිගා වගේම පරිසරය මාරම ලස්සනට පෙන්නලා තියෙනවා කියලා කියන්න පුළුවන්.
වැඩි කතා ඕන නෑ. අපි සාරාංෂයක් බලමු..
♥ මාරි ජෝෂප් කියන්නෙ රජුගේ දියණිය. එයා අවුරුදු ගාණක් තිස්සෙ රහසෙන් කන්‍යාරාමයක හැදී වැඩෙනවා.. එයාවත් දන්නෙ නෑ එයා රජුගෙ දියණිය කියලා..ඉතින් ඔහොම ඉන්නකොට දාහතරවන ලුවී රජු වෙන මාරි ගේ තාත්තා දැන ගන්නවා එයත් කවදාහරි මැරුනොත් ප්‍රංෂය අනතුරේ කියලා ඉතින් එයා ආචාර්‍යවරයෙක්ගෙ කීම අහලා දියකිඳුරියක් අල්ලගෙන ඇගේ සුවකිරීමෙ බලය ගන්නයි හදන්නෙ සූර්‍යග්‍රහනයට කලින්. ඉතින් ඇයව අල්ලන්න යවන කපිතාන් තමා ඉව්ස් කියන්නෙ..
මාරිට දියඳුරියත් එක්ක කතා කරන්න පුළුවන් වෙනවා වගේම ඇයත් එක්ක මිතුරු වෙනවා.. මාරිට ඉව්ස් ගැනත් හිතක් පහළ වෙනවා..අන්තිමේදි මාරි එයා ගැන ඇත්ත දැනගනීද?දියකිඳුරියව බේරගනීවිද? ඉතුරුටික අපි බලමු කතාවෙන්නම්…. ඉතින් ආරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා.








