CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2253 Views

  • Watch trailer
  • Player 01 [No Ads ]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Last Breath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Last Breath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Jun. 28, 2024USA96 Min.
Your rating: 10
8.3 15 votes
The Last Breath (2024) | සයුරු පතුල තුළ බිහිසුණු මෝර ප්‍රහාරය

 

ඔව් ගොඩක් අය බලන්න ආස කරන මෝරු සම්බන්ධ ෆිල්ම් එකක් තමයි අරගෙන ආවේ. හොලිවුඩය තුළ වසරකට මෝරුන් ආශ්‍රිතව චිත්‍රපට බොහෝමයක් නිෂ්පාදනය වෙනවා. ඒත් මේ බොහෝමයක් B ශ්‍රේණියට අයත් නරඹන්න නොවටිනා නිර්මාණ කියලා තමයි කණගාටුවෙන් උනත් කියන්න වෙන්නේ. අවාසනාවකට The Meg, Jaws, Deep Blue Sea වගේ ආසාවෙන් බලන්න පුළුවන් ගුණාත්මක නිර්මාණ බොහෝම අතලොස්සක් තමයි තියෙන්නෙ. ඉතිං මේ වසරේ නිකුත් උන The Last Breath කියන චිත්‍රපටයත් ඔයාගේ මෝර ෆිල්ම් ලිස්ට් එකට දාගත්තට පාඩුවක් වෙන්නේ නෑ. ඒත් ලොකු බජට් එකකින් හදපු ලොකු වැඩ කෑලි තියෙන ෆිල්ම් එකක් බලාපොරොත්තු වෙන්න එපා කියලා කලින්ම කිව්වා ඕං.

USS චාලට් කියන්නේ දෙවන ලෝක යුධ සමයේදී ජර්මානු නාසින්ගේ ටෝපීඩෝ ප්‍රහාරයකින් කැරිබියන් සාගරයේ මුහුදු බත්වූ යුද නෞකාවක්. වර්තමාන කාලයේදී ගොඩක් දෙනා මේ නැව සොයාගන්න උත්සහ කලත් වැලිවලින් සැඟවුණු මේ නැව හොයාගන්න කාටවත් හැකිවෙලා නෑ. නෝවා සහ ලීවයි කියන්නේ බොහෝම දුප්පත්ව මුහුදු රස්සාව කරගෙන ඉන්න දෙන්නෙක්. මෙයාලගේ ලොකුම බලාපොරොත්තුව තමයි පුරාවෘත්තගත USS චාලට් නෞකාව හොයාගෙන ඒ මාර්ගයෙන් පොහොසත් වෙන එක. ඉතිං මේ උත්සහය සාර්ථක වෙන කොටම තමයි සෑම්, රයිලි, ලෝගන් සහ බ්‍රෙට් කියන කොලේජ් කාලේ ඉඳන් නෝවාගේ හොඳම යාළුවෝ පස් දෙනෙක් නෝවාව හොයාගෙන කැරිබියන් මුහුදු තීරයට එන්නේ. කොලේජ් කාලෙන් අවුරුදු 7කට පස්සෙත් මෙයාලගේ යාළුකමනම් වෙනස් වෙලා නොතිබුනත් මේ පස්දෙනා තම තමන්ගේ රැකියාවන් නිසා එකිනෙකාගෙන් දුරස් වෙමින් යන බව එයාලටම තේරිලා තියෙන්නේ. ඒ නිසා මේ කට්ටිය යාළුකම් අළුත් කරගන්නත් එක්ක බොහොම අමාරුවෙන් නෝවාවත් කැමති කරගෙන මේ USS චාලට් නැවට කිමිදුම් ගමනක් දාගන්නවා. ඉතිං ගැඹුරු මුහුදට යන මේ යාළුවෝ පස්දෙනාට අමතරව තවත් අමුත්තෙකුත් මෙයාලා එක්ක කිමිදෙනවා කියලා දැනගද්දි මෙයාලා පරක්කු වැඩියි.

IMDb 4.8 අගයක් ලබාගත්ත මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Joachim Hedén විසින්. මෙහි රූගත කිරීම් කරලා තියෙන්නේ සුන්දර මෝල්ටා දිවයිනේ. ඒ වගේම චිත්‍රපටය පුරාම ඔයාලට වැඩිපුරම වතුර යට රූගත කරපු දර්ශන තමයි වැඩිපුරම දකින්න ලැබෙන්නේ. ප්‍රධාන චරිත විදියට Alexander Arnold බ්‍රෙට් ලෙසත්, Jack Parr නෝවා ලෙසත්, Kim Spearman සෑම් ලෙසත්, Julian Sands ලීවයි ලෙසත් එමෙන්ම Erin Mullen රයිලි ලෙසත් රංගනයෙන් දායක වෙනවා. එහෙනම් ඔයාලට චිත්‍රපටිය රසවිඳින්න ඉඩදීලා මම නවතින්නම්.

The Last Breath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Breath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Breath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Breath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Breath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Breath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Breath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Breath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Breath (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baiscopelk)
IMDb 4.5 /10 517 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

A Widow’s Game (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nesippaya (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
CTRL (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mechanic Rocky (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
ID:A (2011) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mission: Impossible – Fallout (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Paranormal Activity 3 (2011) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
300 (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
First Men in the Moon (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Adi (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Scooby-Doo! and the Curse of the 13th Ghost (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pirates of the Caribbean: Dead Man’s Chest (2006) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(1) comment

  • Nuwan October 23, 2024 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published