CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
3703 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Aug. 09, 2023United States119 Min.
Your rating: 0
9.3 29 votes
The Last Voyage of the Demeter (2023) | වැම්පයර් රජුගේ එංගලන්ත ආගමනය

19 වෙනි සියවස කියන්නේ ඉංග්‍රීසි සාහිත්‍ය‍යේ ස්වර්ණමය යුගය කියලා හැඳින්වුවොත් මම හිතන්නේ මම වැරදි නෑ. චාල්ස් ඩිකන්ස්, වෝල්ටර් ස්කොට්, තෝමස් හාර්ඩි, ජේන් ඔස්ටින්, චාර්ලට් බ්‍රොන්ටෙ, මාක් ට්වේන්, ඔස්කාර් වයිල්ඩ් සහ ආතර් කොනන් ඩොයිල් වැනි විශිෂ්ට ලේඛකයන්ගේ නාමයන් මේ වෙද්දිත් රන් අකුරින් ලියැවී අවසන්. දෙනුවර අන්දරය, ඔලිවර් ට්විස්ට්, අයිවන්හෝ, මෝබිඩික්, වදරින් හයිට්ස් සහ ජේන් අයර් වැනි ලොව සුපතල ග්‍රන්ථයන් එම සමයේ පමණක් නොව අදටත් රසික හදවත් වර්ණවත් කල ශ්‍රේෂ්ට නිර්මාණ ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම ග්‍රන්ථ බොහෝමයක් ආදර කතා, ඉතිහාස කතා, රහස් පරීක්ෂක වැනි කාණ්ඩයන් යටතේ තමයි නිර්මාණය වෙලා තිබුනේ. ඔන්න ඔය කාලේ තමයි 1897දී අයර්ලන්ත ජාතික බ්‍රෑම් ස්ටෝකර් විසින් “ඩ්‍රැකියුලා” කියන නව කතාව රචනා කලේ. ඒ වගේම මෙම අද්භූත රන්ථය මුළු එංගලන්තයම ත්‍රස්ත කරන්න සමත් උනේ නොසිතූ අයුරින්. පසුව ලෝකයේ විවිධ භාෂා වලට මේ ඩ්‍රැකියුලා පොත පරිවර්ථනය වීමත් එක්ක ලොව පුරා සීග්‍රයෙන් ජනප්‍රිය උනා. ඒ වගේම මේ නව කතාව ඇසුරෙන් චිත්‍රපට සහ රූපවාහිනි කතාමාලා රැසක් නිෂ්පාදනය කරලා තිබෙනවා. අන්න ඒ විදියට ඩ්‍රැකියුලා චරිතය පාදක කරගෙන නිපදවුන නවතම ෆිල්ම් එක තමයි The Last Voyage of the Demeter කියන්නේ.


ඩ්‍රැකියුලා මුල් පිටපතේ කවරය සහ බ්‍රෑම් ස්ටෝකර් මහතා

ඔයාලා ඩ්‍රැකියුලා නවකතාව කියවලා තියෙනවනම් මේ ඩෙමීටර් නෞකාව නුපුරුදු දෙයක් වෙන්න බෑ. අන්ධකාරයේ කුමාරයා හෙවත්ඩ්‍රැකියුලා තමන්ගේ ලේ පිපාසිත භීෂණය පතුරන්න රුමේනියාවේ වර්නා වරායේ ඉඳන් එංගලන්තයට එන්නේ මේ නැවෙන් තමයි. ඒ ගැන තොරතුරු අපිට මීනා හාකර්ගේ දිනපොතෙන් වගේම ඩේලි ටෙලිග්‍රාෆ් පුවත්පතිනුත් දැනගන්න ලැබෙනවා. ඉතිං ඩේලිටෙලිග්‍රාෆ් පුවත්පතේ පලවෙන්නේ ඩෙමීටර් නෞකාවේ කැප්ටන්ගේ ලොග් පොතේ ලියලා තිබෙන විස්තර පමණයි. මෙන්න මේ සිද්ධිය ඇසුරු කරගෙන එදා ඩෙමීටර් නැවේ සිදුවුන අද්භූත සිද්ධියේ රූපමය රචනාව මෙම චිත්‍රපටයෙන් ඔයාලට නරඹන්න පුළුවන්. ඇත්තටම නවකතාවෙදි මේ නැවට දාලා තියෙන ඩෙමීටර් කියන නම බ්‍රැම් ස්ටෝකර් ආවාට ගියාට දාපු නමක් නෙමෙයි. ඩෙමීටර් කියන්නේ ග්‍රීක මිත්‍යා කතාවල ඉන්න දෙවඟනක්. ග්‍රීක ප්‍රවාද වලට අනුව ඇය තමයි ගොවිතැන සහ අස්වැන්නට අධිපති දෙවඟන. මේ දෙවඟනගේ නම ස්ටෝකර් තෝරගෙන තියෙන්නේ යටි අදහස් කීපයක්ම පෙන්නුම් කරන්න තමයි. ඒ මොනවද කියලා මම ඔයාලට කියන්නම්. එතකොට ඔයාලට තේරෙයි බ්‍රැම් ස්ටෝකර් කියන්නේ මොනවගේ විශිෂ්ට කතුවරයෙක්ද කියලා.

 ඩෙමීටර් කියන්නේ අස්වැන්නට අධිපති දෙවඟන නිසා ඇයට ජීවය සහ මරණය අධීක්ෂණය කරන්න පුළුවන්: මේ නැවෙන් පෙන්වන්නේ ඩ්‍රැකියුලා විසින් එංගලන්තයට මරණය රැගෙන එන අයුරුයි.
 වරක් ඩෙමීටර් දෙවඟනට කරදර කිරීමට සමුද්‍රයට අධිපති රජු පොසයිඩන් විසින් ඇයව ලුහුබැඳ එනවා: මේ නැවට මුහුදේදි අත්වන විනාශකාරි ඉරණම එයින් නිරූපණය වනවා.
 ඩෙමීටර් දෙවඟනව සීරීස් කියාත් හඳුන්වනු ලබනවා: එයින් පෙන්වන්නේ ඩ්‍රැකියුලාගේ දෙබිඩි ජීවිතයයි.
 ග්‍රීක ප්‍රවාද වලට අනුව මනුෂ්‍ය ශිෂ්ටාචාරයට නීතිය හඳුන්වලා දීලා තිබෙන්නේ ඩෙමීටර් දෙවඟන විසින්: ඩ්‍රැකියුලා නවකතාවේ ප්‍රධාන චරිතයක් වන ජොනතන් හාකරුත් නීතිඥයෙක්.
 ඩෙමීටර් නෞකාව කුණාටුවකට හසුවී ගසාගෙන එන සිදුවීම රචනා කිරීමට ස්ටෝකර් අභාශය ලබාගෙන තියෙන්නේ 1887දී කුණාටුවකට හසුවී විට්බි වරායට ගසාගෙන ආ “දිමිත්‍රි” නම් රුසියානු නැවේ ඛේදජනක ඉරණමයි.


ඩෙමීටර් දෙවඟන

The Last Voyage of the Demeter චිත්‍රපටය Horror/ Fantacy යන කාණ්ඩයන්ට තමයි අයත් වෙන්නේ. IMDb අගය 6.4කුත්, 90%ක ගූගල් පරිශීලක මනාපත් හිමි කරගෙන තියෙන මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ නෝර්යාවීජිනු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වෙන André Øvredal විසින්. චිත්‍රපටය සිනමා ශාලා වලට නිකුත් කෙරුනේ අගෝස්තු 10 වෙනිදා වගේම වෙබ් පිටපත් නිකුත් උනේ අද (29) තමයි. හොලිවුඩය දෙවනක් කල Barbie සහ Oppenheimer චිත්‍රපට දෙකේ ඝට්ටනයට මැදීවීමත් එක්ක මේ චිත්‍රපටයේ බොක්ස් ඔෆිස් වාර්තානම් සුබ වෙන්නේ නෑ. Game of Thrones කතා මාලාවේ ඩාවෝස් සීවර්ත් ලෙස රංගනයෙන් එක් වූ Liam Cunningham කැප්ටන් එලියට් ලෙසත්, Corey Hawkins ක්ලෙමන්ස් ලෙසත්, Aisling Franciosi ආනා ලෙසත්, ඒ වගේම David Dastmalchian වෝචෙක් ලෙසත් රංගනයෙන් එක් වෙනවා.


කතාව ගැනනම් පොඩ්ඩක් හරි කිව්වොත් ඒක ඔයාලගේ රස විඳීමට බාධා වෙනවා. ඒ වගේම ඔයාලා මීට කලින් ඩ්‍රැකියුලා නව කතාව කියවලා නැත්තම් ඒක කියවලා ඉන්න. එහෙමත් නැත්තම් Dracula (1992) චිත්‍රපටිය හරි නරඹලා හිටියොත් ඔයාලට මේක උපරිම රස විඳින්න පුළුවන් වෙයි.

The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Last Voyage of the Demeter (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම යුරාන් ධනුක (Baiscopelk)
IMDb 6.4 /10 7,702 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Similar titles

Poltergeist (2015) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Weekend in Taipei (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Home (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
How to Train Your Dragon 2 (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dr. Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (1964) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mantra 2 (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Underworld: Rise of the Lycans (2009) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
No Way Out (2022) Sinhala Subtitles | “ආදරිය වෙනුවෙන් ජීවිතය පරදුවට” | සිංහල උපසිරැසි සමඟ
The Lord of the Rings: The Fellowship of the Ring (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Priest (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
2149: The Aftermath (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Girl Next Door (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

(3) comments

  • Prasadi August 30, 2023 Reply

    Super movie ekak👍

  • Sadew August 31, 2023 Reply

    Talapathy vijay ge sivakasi movie eka denawada

  • Sadew August 31, 2023 Reply

    Kohewath sivakasi movie eka hoyaganna na eka danna puluwanda

Leave a Reply to Sadew Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published