CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Lost Bus (2025) Sinhala Subtitles | “ගින්නකට මැදි වූ බස් රථයක්”

 

ඔන්න ටික කාලෙකට පස්සෙ අද අරන් ආවේ හුඟ දෙනෙක් ඉල්ලපු ගින්දර චිත්‍රපටයක්. ගින්දර කියන වචනයට ඇත්තටම සාධාරණයක් කරන්න පුළුවන් චිත්‍රපටයක්.

බහුතරයක් චිත්‍රපට රසිකයින් හඳුනන Matthew McConaughey තමයි මේකෙ ප්‍රධානම චරිතයට පණ පොවන්නේ. එහෙනම් වැඩි කතා නැතිව යමු ස්ටෝරිය පැත්තට.

මේ චිත්‍රපටයට පාදක වෙන්නෙ 2018 වසරේ ඇතිවුනු කැලිෆෝනියා ඉතිහාසයේ අති භයානකම ලැව් ගිනි විපත මූලික කරගෙන. මේ ලැව් ගින්නට මැදිවන පාසල් ළමුන් 22දෙනෙක් සහ ඔවුන් පාසල් ගුරුවරිය බස් රථයකින් ලැව් ගින්න තරණය කරන විදිහ තමයි සරලවම චිත්‍රපටයේ සිද්ධ වෙන්නේ. ත්‍රාසය, භීතිය වගේම යම්කිසි හැඟීම් සමුදායකින් පිරුණු මේ චිත්‍රපටය දැනට IMDb මීටරය 7/10කට කරකවන්නත් සමත් වෙලා තියෙනවා. 🔥

Comments

October 14, 2025

❤️