EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Magicians Elephant (2023) | මායා අලි පැංචා..
පීටර් කියන්නේ සොල්දාදුවෙක් ළඟ හැදී වැඩෙන අනාථ දරුවෙක්. අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ, සොල්දාදුවෙක් ළඟ අනාථ දරුවෙක් හැදෙනකොට, එයාට සිද්ධ වෙනවා, සොල්දාදුවෙකුට අවශ්‍ය සියළුම පුහුණුව අරගන්න. මේ දරුවාටත් වුනේ ඒ පුහුණුවීම කරන්න. දවසක්, රෑ කෑමට අවශ්‍ය කරන පාන් සහ මාළු අරගෙන එන්න වෙළඳපොළට යන පීටර්ට දකින්න ලැබෙනවා, පේන කියන කෙනෙක්ගේ කූඩාරමක්. ඒකේ තියෙන්නේ, එක කාසියකට එක ප්‍රශ්නයකට උත්තරය දෙනවා කියලා. පීටර් අතේ තිබුනෙත් එක කාසියක් විතරයි. එයා තීරණය කරනවා, ඒ කාසිය පාවිච්චි කරලා, එයාගේ නැතිවුණ සහෝදරිය, නංගී ඉන්න තැන ගැන දැනගන්න. ඔන්න ඕක තමයි කතාවේ ආරම්භය. ඉස්සරහා ගැන දැනගන්න නම්, මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.
Kate DiCamillo නම් ලේඛිකාව විසින් රචනා කරන ලද The Magician’s Elephant කියන නවකතාව පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. Wendy Rogers විසින් අධ්‍යක්‍ෂණය කරන්න තෝරගන්නේ, අර නවකතාව ඇසුරෙන් නිර්මාණය වුණු Martin Hynes ගේ තිර රචනය. හැම හොඳ චිත්‍රපටියක්ම වගේ මේකත් බෙදාහරින්නේ Netflix ආයතනය. ඔවුන්‍ගේම නිෂ්පාදනයක් විදියට.
මේ චිත්‍රපටියේ කටහඬ දායකත්වය ලබා දීලා තියෙන්නේ, Noah Jupe (පීටර්), Benedict Wong (මායාකාරයා), Aasif Mandvi (රජතුමා), Natasia Demetriou (පොතේ ගුරා / පේන කියන්නිය) ඇතුළු පිරිසක්. චිත්‍රපටියේ වෙබ් රේටිං ගැනත් කියන්න ඕනෙනේ. මේ ලිපිය ලියන මොහොත වෙනකොට, IMDb 6.6, rottentomatoes 65%, Google users 91% වගේ තම කැමැත්ත පළකරලා තියෙනවා. හොඳ ආරම්භයක් නේද?
එහෙනම්, මේ සිංහල උපසිරැසිය එක්ක ලස්සන චිත්‍රපටිය රස විඳින්න






