EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Marsh King’s Daughter (2023) | තීරණය තම පියාද? පවුලද?

හෙලෝ කොහොමද ඉතින් කට්ටිය. අද මම අරගෙන ආවේ, මේ අවුරුද්දේ රිලීස් උන “The Marsh King’s Daughter කියන ෆිල්ම් එක. මේ ෆිල්ම් එක IMdb අගය 5.9 ක් අරගෙන තියෙනවා. ත්‍රිලර් කියන කැටගරියට තමයි මේක අයිති වෙන්නේ.

මේ ෆිල්ම් එකේ මුලින්ම අපිට දකින්න ලැබෙන්නේ කැලේක ජීවත් වෙන එක පවුලක්..ඒ අම්මයි තාත්තයි දුවයි. තාත්තාගේ නම ජේකොබ්, එතකොට අපේ ප්‍රධාන චරිතේ වෙන මේ දුවගේ නම හෙලීනා. තාත්තා මේ දුවට දඩයම් කරන එක ගැන, ඒකට සම්බන්ද එක එක උපායවල් වගේ දේවල් උගන්නලා දුවව හොද දඩයක්කාරියක්, ඒ වගේම කැලේ ඇතුලේ ජීවිතේ බේරගෙන ඉන්න විදිහ ගැන උගන්නනවා. කොහොම උනත් මේ පවුලේ අම්මාගේ පොඩි වෙනසක් බලාගන්න පුළුවන්. මොකද එයා මේ ජීවිතේ ගත කරන්නේ වැඩි කැමැත්තකින් නෙමෙයි. ඒකට හේතුව මම මෙතනදි නොකියා ඉන්නම්. කොහොමහරි හදිස්සියෙම එයාට අවස්තාවක් ලැබෙනවා මෙතනින් ගැලවිලා යන්න. ඉතින් එයා යන්නේ තනියම නෙමෙයි, බලෙන්ම එයාගේ දුවවත් එක්කගෙන..

මෙයාලගේ පස්සෙන් පන්නගෙන එන ජේකොබ්ව පොලිස්සියෙන් අල්ලගන්නවා. අවුරුදු ගානක් යනවා. ටවුන් එකට ආපු හෙලීනා දැන් කසාද බැදලා ළමයෙකුත් ඉන්නවා. එයා පොඩි කාලේ අතීතය සමාජයෙන් හංගගෙන තමයි ඉන්නේ. මේ අතරේ තමයි හෙලීනා දැනගන්නේ තමන්ගේ තාත්තා හිරෙන් පැනගෙන කියලා. ඉතින් හෙලීනාගේ පවුල ගැන එයාට බයක් දැනෙනවා, මොකද තමන්ගේ තාත්තගේ ඇත්ත විස්තරේ එයා දන්නවා.

කවුද මේ ජේකොබ්?..මේ කට්ටිය කැලේ ජීවත් උන හේතුව මොකක්ද?..හෙලීනාගේ ජීවිතේට ජේකොබ් ආයෙත් මොන විදිහට සම්බන්ධ වෙයිද?

ෆිල්ම් එක බලලම දැනගන්න එක හොදයි නේද?

Comments