EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageThe Promised Land (2023) | සිංහල උපසිරැසි සමඟ
18 වන සියවසේ ඩෙන්මාර්කයේ සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කරගත් සුපිරිම සිනමා සිතුවමක් අරගෙන. මේ චිත්‍රපටය සුවිශේෂී වන ගොඩක් හේතු තියෙනවා. එකක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ලුඩ්වික් වොන් කාලෙන් ගේ චරිතය නිරූපණය කරන්නේ ලෝක සිනමාවට ඩෙන්මාර්කයෙන් දායාද කළ ඉහළම වස්තුව සුපිරි නලු මෑඩ්ස් මිකල්සන්. ඔහු කොතරම් දක්ෂ නළුවෙක්ද කියල ඔහුගේ චිත්‍රපටය බලපු අය දන්නවා. Another Round (2020), The Hunt (2012), Fantastic Beasts: The Secrets of Dumbledore (2022) කියන්නේ ඔහු මෑත කාලෙයේ රංගනයෙන් දායක වුණු සුපිරිම චිත්‍රපට කිහිපයක්.
අනෙක් හේතුව තමයි අධ්‍යක්ෂකවරයා ඩෙන්මාර්ක ජාතික Nikolaj Arcel ඔහු හොද පිටපත් රචකයෙක්ද වෙනවා. මෑඩ්ස් එක්ක මීට පෙරත් වැඩ කරල තියෙනවා. ඒ 2012 දී නිකුත් වුණ A Royal Affair චිත්‍රපටයේදීයි. මේවර ඔස්කා සම්මාන උළෙලට හොදම විදෙස් භාෂා චිත්‍රපටය සඳහා තරඟ කරන්නට ඩෙන්මාර්කයෙන් එවන්න පුළුවන් සිනමා නිර්මාණය තමයි මේක. 2023 ඔක්තෝබර් 5 වෙනිදා තමයි චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කළේ. ඒවගේම මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 7.7 වැනි ඉතාමත් ඉහළ අගයක් අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.
එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. 18 වන සියවසේ ඩෙන්මාර්යේ බදු ආදායම වැඩි කරගන්න ඩෙන්මාර්කයේ රජවරු ජූට්ලන්ඩ් අර්ධද්වීපයේ අති විශාල මුඩුබිම් වල නව පදිංචිකරුවන් පදිංචි කරන්න උත්සහ කළා. නමුත් මේ ප්‍රදේශයට යවන ලද සියලු දෙනාම අසාර්ථක වෙනවා. මේකට ප්‍රධානම හේතුව වෙන්නේ මේ ප්‍රදේශයේ පස නිසරු වීමයි. ඒ නිසා මේ ප්‍රදේශයේ කිසිම වගාවක් කරන්න බැහැ. මේවගේ තත්ත්වයක් තිබිය දී කපිතාන් ලුඩ්විග් කාලෙන්ට ඕන වෙනවා මුඩුබිමේ වගාකරන්න පුළුවන් කියල ඔප්පු කරන්න. මේක තේරුමක් නැති වැඩක් කියල හිතන නිසා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ඔහුට මුදල් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔහු තමන්ගේ කපිතාන් විශ්‍රාම වැටුපෙන් මේ සඳහා මුදල් යොදන්න තීරණය කරනවා. ඉතින් මුඩු බිමේ ඉඩමක් තෝර ගෙන වැඩ කටයුතු කරන්න පටන් ගනිද්දී ම ඔහුට හිතාගන්නවත් බැරි කරදර ගොඩකට මුහුණ දෙන්න සිද්ද වෙනවා. ඔහුට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න මොනවද .ඔහුට මුඩු බිමේ වගා කරන්න පුළුවන් වේව්ද?
එහෙනම් ආදරය, දුක, සතුට, ත්‍රාසය, බිය,කුතුහලය සමග සංකලනය වුණ මේ අග්‍රගන්‍ය සිනමා සිතුවම බලන්න කියල මම ඔයාලට ආරාධනා කරනවා.











