CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
2485 Views

  • Watch trailer
  • Player 01 [No Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
The Promised Land (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Promised Land (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Oct. 05, 2023Denmark127 Min.
Your rating: 0
9.7 3 votes
The Promised Land (2023) | සිංහල උපසිරැසි සමඟ

18 වන සියවසේ ඩෙන්මාර්කයේ සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කරගත් සුපිරිම සිනමා සිතුවමක් අරගෙන. මේ චිත්‍රපටය සුවිශේෂී වන ගොඩක් හේතු තියෙනවා. එකක් තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන ලුඩ්වික් වොන් කාලෙන් ගේ චරිතය නිරූපණය කරන්නේ ලෝක සිනමාවට ඩෙන්මාර්කයෙන් දායාද කළ ඉහළම වස්තුව සුපිරි නලු මෑඩ්ස් මිකල්සන්. ඔහු කොතරම් දක්ෂ නළුවෙක්ද කියල ඔහුගේ චිත්‍රපටය බලපු අය දන්නවා. Another Round (2020), The Hunt (2012), Fantastic Beasts: The Secrets of Dumbledore (2022) කියන්නේ ඔහු මෑත කාලෙයේ රංගනයෙන් දායක වුණු සුපිරිම චිත්‍රපට කිහිපයක්.

අනෙක් හේතුව තමයි අධ්‍යක්ෂකවරයා ඩෙන්මාර්ක ජාතික Nikolaj Arcel ඔහු හොද පිටපත් රචකයෙක්ද වෙනවා. මෑඩ්ස් එක්ක මීට පෙරත් වැඩ කරල තියෙනවා. ඒ 2012 දී නිකුත් වුණ A Royal Affair චිත්‍රපටයේදීයි. මේවර ඔස්කා සම්මාන උළෙලට හොදම විදෙස් භාෂා චිත්‍රපටය සඳහා තරඟ කරන්නට ඩෙන්මාර්කයෙන් එවන්න පුළුවන් සිනමා නිර්මාණය තමයි මේක. 2023 ඔක්තෝබර් 5 වෙනිදා තමයි චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කළේ. ඒවගේම මේ චිත්‍රපටය IMDB දර්ශකයේ 7.7 වැනි ඉතාමත් ඉහළ අගයක් අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. 18 වන සියවසේ ඩෙන්මාර්යේ බදු ආදායම වැඩි කරගන්න ඩෙන්මාර්කයේ රජවරු ජූට්ලන්ඩ් අර්ධද්වීපයේ අති විශාල මුඩුබිම් වල නව පදිංචිකරුවන් පදිංචි කරන්න උත්සහ කළා. නමුත් මේ ප්‍රදේශයට යවන ලද සියලු දෙනාම අසාර්ථක වෙනවා. මේකට ප්‍රධානම හේතුව වෙන්නේ මේ ප්‍රදේශයේ පස නිසරු වීමයි. ඒ නිසා මේ ප්‍රදේශයේ කිසිම වගාවක් කරන්න බැහැ. මේවගේ තත්ත්වයක් තිබිය දී කපිතාන් ලුඩ්විග් කාලෙන්ට ඕන වෙනවා මුඩුබිමේ වගාකරන්න පුළුවන් කියල ඔප්පු කරන්න. මේක තේරුමක් නැති වැඩක් කියල හිතන නිසා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ඔහුට මුදල් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔහු තමන්ගේ කපිතාන් විශ්‍රාම වැටුපෙන් මේ සඳහා මුදල් යොදන්න තීරණය කරනවා. ඉතින් මුඩු බිමේ ඉඩමක් තෝර ගෙන වැඩ කටයුතු කරන්න පටන් ගනිද්දී ම ඔහුට හිතාගන්නවත් බැරි කරදර ගොඩකට මුහුණ දෙන්න සිද්ද වෙනවා. ඔහුට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න මොනවද .ඔහුට මුඩු බිමේ වගා කරන්න පුළුවන් වේව්ද?

එහෙනම් ආදරය, දුක, සතුට, ත්‍රාසය, බිය,කුතුහලය සමග සංකලනය වුණ මේ අග්‍රගන්‍ය සිනමා සිතුවම බලන්න කියල මම ඔයාලට ආරාධනා කරනවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම මාවන් ගීතාංජන (Zoomlk)
IMDb 7.7 /10 6,023 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Mads Mikkelsen isLudvig Kahlen
Ludvig Kahlen
Amanda Collin isAnn Barbara
Ann Barbara
Simon Bennebjerg isFrederik de Schinkel
Frederik de Schinkel
Morten Hee Andersen isJohannes Eriksen
Johannes Eriksen

Similar titles

My Oxford Year (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kadathal Kaaran (2020)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Guruvayoor Ambalanadayil (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Lost and Delirious (2001) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Ntikkakkakkoru Premondarnn (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Map That Leads to You (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Abhiyum Anuvum (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Laal Singh Chaddha (2022) Sinhala Subtitles
Words of War (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Major (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Godfather (1972) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Chhapaak (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published