EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

කුමාරයාගේ විශේෂ සැලකීම...

ඔන්න අද ගෙනාව කතාව තමයි The Royal Treatment (2022).

2022 ජනවාරි 20 නිකුත් උන මේ ෆිල්ම් එක රොමෑන්ටික් කොමඩි ෆිල්ම් එකක්.

5.3/10ක IMDB අගයක් තියෙනවා මේ ෆිල්ම් එකට.

කතාව මෙහෙමයි.

ඉසී කියන්නේ එයාගේ අම්මා, යාලුවෝ එක්ක සැලුන් එකක් කරගෙන යන සාමාන්‍ය කෙල්ලෙක්. සාමාන්‍ය විදියට ජීවිතේ එයාලා ගෙවාගෙන ඉද්දි එයාලා ඉන්න ඒ නගරෙට කුමාරයෙක් එනවා. ඊටපස්සේ ඒ කුමාරයාගේ පෞද්ගලික සේවකයා ලවා කුමාරයාගේ කොන්ඩේ හදාගන්න සැලුන් එකක් හොයද්දි ඉසීව හම්බෙනවා. ඊටපස්සේ ටික වෙලාවකින් ඉසීටයි එයාගේ යාලුවෝ දෙන්නා වෙන ඩෙස්ටිනිටයි ලෝලාටයි කුමාරයාගේ වෙඩින් එකේ කොන්ඩේ හදන එකට සහ මේකප් කරන එකට යන්න අවස්ථාවක් ලැබෙනවා. එතනින් තමා මේ කතාව හරියට පටන් ගන්නේ.

ඔය අතරේ කුමාරයා ඉසීට ආදරේ කරන්න පටන් ගන්නවා. කුමාරයා බඳින්න ඉන්න කෙනාත් වෙඩින් එකට එච්චර කැමැත්තක් නෑ. යෝජනා විවාහයක් ඒක. ඊටපස්සේ කුමාරයයි ඉසීයි ගැන එක එක දේවල් පතුරවනවා, කුමාරයා බඳින්න ඉන්න කෙනාගේ අම්මා.එතනදි ඉසීට ගොඩක් ප්‍රශ්න වෙනවා.

තව කියන්න යන්නෑ මම.

ඉසීට මොනාද වෙන ප්‍රශ්න? ඉසීයි කුමාරයයි අන්තිමේදි එකතු වෙයිද? වෙඩින් එකට මොකක්ද වෙන්නේ?

ඒවා ඔයාලම බලලා දැනගන්න කියලා ආරාධනා කරනවා.

Comments