EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Sorcerer’s Apprentice (2010) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Sorcerer’s Apprentice (2010) | අපිටත් ඉන්ද්‍රජාල කරන්න පුලුවන්නම්…
ඔන්න Nicolas Cage ඉන්න මැක්ෂම මැක්ෂා බයිස්කෝප් එකක් තමයි අරගෙන ආවෙ. Nicolas Cage විතරක් නෙමෙයි මතකනෙ අපි ලබාදුන්න She’s Out of My League (2010) චිත්‍රපටියෙ හිටපු Jay Baruchel කොලුවා, තව ඉතින් Monica Bellucci වගේ අයත් ඉන්නවා. කතාවනම් Fantasy තමයි. මුල සිට අගටම හොඳින් රස විඳින්න පුළුවන්. Walt Disney ලගේ වැඩක් නිසා අපි වගේ පුන්චි අයට 😛 හොඳට ගැලපෙන්න හදලා තියෙනවා.
කතාව ගැන කියනවනම්, Nicolas Cage කියන්නෙ , එහෙම නැත්තන් කතාවෙ හැටියට Balthazar Blake කියන්නෙ ඉන්ද්‍රජාලිකයෙක්. අතීතයේ Balthazar සහ Maxim Horvath අතර ඇතිවෙන ඉන්ද්‍රජාලිකය සටනක් නිසා Balthazar සහ Maxim Horvath බෝතලයක් තුළ අවුරුදු 10 කට සිර වෙනවා. ඔය අවුරුදු 10 නිමවෙලා Balthazar නිදහස් වූ පසුව තමයි, Dave ව මුණ ගැසී සටනට සැරසෙන්නෙ.ඇත්තටම Dave කියන්නෙ භෞතික විද්‍යාව ගැන හොඳ දැනීමක් තියන පාසල් වයසේ පසුවන තරුණයෙක්. මුලින් මේ වැඩේට ඔහු අකමැති වුණත් එක් සිදුවීමක් නිසා ඔහු මෙයට ඉතා ආශාවෙන් සහයෝගය ලබා දෙනවා. Balthazar ගෙන් Dave හට ඉන්ද්‍රජාලික මුද්දක් ලැබෙනවා. ඒ වගේම ඔහු Dave ට මැජික් උගන්නනවා.
කතාව ඉතා රසවත්. වැඩිය කිව්වොත් අගේ නැති වෙන නිසා ඔන්න මෙතනින් නැවැත්තුවා.











