EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

අභියෝග මැදින් වීරත්වය සොයා!

ඔන්න අද මම ඔයාලට අරන් ආවේ අපි කවුරුත් ආදරේ කරන, පොඩි කාලේ ඉඳන් බලපු අපේ “ස්පොන්ජ්බොබ්” යාළුවගේ අලුත්ම ෆිල්ම් එක. මේක 2025 අන්තිමට රිලීස් වුණු The SpongeBob Movie: Search for SquarePants ෆිල්ම් එකයි.

මොකක්ද මේකේ වෙන්නේ?

මේ සැරේ ස්පොන්ජ්බොබ්ට ඕන වෙනවා එයා පට්ට නිර්භීත පොරක් කියලා මිස්ටර් ක්‍රැබ්ස්ට ඔප්පු කරලා පෙන්වන්න. ඉතින් ඒක කරන්න ගිහින් මෙයායි, එයාගේ හොඳම ෆිට් එක වෙන පැට්රිකුයි ලොකු අමාරුවක වැටෙනවා. මුහුදේ ඉන්න දරුණුම “Flying Dutchman” කියන හොල්මන් මුහුදු කොල්ලකාරයා එක්ක ලොකු ගේමකට තමයි මේ දෙන්නා සෙට් වෙන්නේ.

බිකිනි බොටම්වල ඉඳන් මුහුදේ කිසිම කෙනෙක් යන්න බය ගැඹුරුම තැන්වලට මේ දෙන්නා යනවා. ඉතින් ස්පොන්ජ්බොබ්ට එයාගේ බය නැති කරගෙන ඇත්තටම “නිර්භීත” වෙන්න පුළුවන් වෙයිද? නැත්නම් සුපුරුදු විදිහටම නාගනීද? කියන එක ඔයාලම බලන්නකෝ.

කවුද මේකට හඬ දෙන්නේ?
අපි හැමදාම අහන ඒ සිරා කටහඬවල් ටිකම තමයි මේකෙත් තියෙන්නේ. විශේෂම දේ තමයි මේ පාර හොල්මන් කොල්ලකාරයට හඬ දෙන්නේ Star Wars එකේ ලූක් ස්කයිවෝකර් විදිහට රඟපාපු සුපිරි නළු Mark Hamill.

Comments

January 26, 2026

bro pls give High School Return of a Gangster tv series plss bro sinhala sub too