EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Wandering Earth 2 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Achille Vanderhaeghen, Frant Gwo
Cast
Go Full Cast PageThe Wandering Earth 2 (2023) | “ඉබාගාතේ යන පෘථිවිය”
පළවෙනි චිත්‍රපටිය බලපු අයට පෘථිවියට මොකද වෙලා තියෙන්නෙ කියළා මතකනේ…හරි මම කතාව කෙටියෙන් කියන්නම්…
අනාගතයේදී සූර්යා වේගයෙන් දැවී යන බව මිනිසුන්ට වැටගෙනවා ඉතිං ඔවුන් මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් එහි පැවැත්ම වෙනුවෙන් විවිධ අත්හදා බැලීම් සිද්ද කරන්න පටන් ගන්නවා. සූර්යාගෙන් දෑවීයන ජීවයක් වෙනුවෙන් ඔවුන් අලුත්ම ව්‍යාපෘතියක් ආරම්භ කරනවා ඒ සූර්යාගේ ගිණි දැල් වලට ලඟාවීමට නොහැකි නව සෞරග්‍රහ මණ්ඩලයක් වෙත ග්‍රහලෝකය තල්ලු කිරීමට සැලසුම් නිර්මාණය කිරීම. ඉතිං ඔවුන් මේ සඳහා විශාල එන්ජින් නිර්මාණය කරනවා. ඒ සදහා මූලිකත්වය ගෙන කටයුතු කරන්නෙ “එක්සත් පෘථිවි රජය(UEG)”සහ “චීන” රජයයි. ඉතිං මේ දැවැන්ත වැඩපිලිවෙලට ඔවුන්ට අභියෝග රාශියකට මුහුණ දෙන්නෙ සිද්ද වෙනවා. ඒ සදහා ස්වභාවික විපත් මෙන්ම ත්‍රස්තවාදී පහර දීම් වලටද ඔවුන්ට මුහුණ දෙන්නට සිද්ද වෙනවා. ඇත්තටම අනාගතයේ මනුෂ්‍ය සංහතියට මුහුණ දෙන්න සිද්දවෙන බරපතල ප්‍රශ්නයක් ඉතාමත් සාර්ථකව සිනමාවට නිර්මාණය කරලීමට Frant Gwo ඇතුලු පිරිස සමත් වෙලා තියෙනවා. ඉතිං කතාවේ චරිත එක්ක කතාව ලොකුවට හදුන්වා දෙන්න යන්නෙ නෑ. මොකද ඒක රසයට බාධාවක් වෙන නිසා.











