EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
The Whale (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageThe Whale (2022) | තල්මහ
චාර්ලි කියන්නෙ අධික තරබාරුකමින් පෙළෙන පුද්ගලයෙක්. තරබාරුකම කොච්චරද කිව්වොත් ආධාරකයක් නැතුව නැගිටින්නවත් ඇවිදින්නවත් ඔහුට බැහැ. ඔහු රැකියාව විදිහට කරන්නේ විද්‍යාල සිසුන්ට රචනා ලියන හැටි ගැන මාර්ගගත විදිහට (Online) කියලා දෙන එක. රචනා ලිවීම සම්බන්ධයෙන් චාලි විශිෂ්ටයෙක් කිව්වොත් නිවැරදියි. හැබැයි චාර්ලි කවදාවත් තම සිසු සිසුවියන්ට තමන්ගෙ මූණ පෙන්නන්නෙ නෑ. චාර්ලි ගෙ උදව්වට චාර්ලිත් එක්ක නතර වෙලා ලිස් නමින් කාන්තාවක් ඉන්නවා. ඇය රෝහලක සේවය කරන හෙදියක්. චාර්ලි කසාද බැඳපු කෙනෙක්. හැබැයි පවුලවයි ළමයවයි අතඅරිනවා එක්තරා විශේෂ කෙනෙක් නිසා. චාර්ලි තමන්ගෙ ළමයා වන එලීව අන්තිමට දකින්නෙ එලීට වයස අවුරුදු අටේදි. ඉතිං එක දවසක් චාර්ලි ට පපුවෙ අමාරුවක් හැදෙනවා. මේ වෙලාවෙ කවුද කෙනෙක් චාර්ලිගෙ දොරට තට්ටු කරනවා.
ඉතිං කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නෑ..චාර්ලි ට පපුවෙ අමාරුව හැදුන වෙලාවේ කවුද දොරට තට්ටු කරන්‍නෙ? චාර්ලි තමන්ගෙ ළමයවයි බිරිඳවයි අත අරින්නෙ කවුරු වෙනුවෙන් ද? ඇයි එයා විශේෂ වෙන්නෙ? චාර්ලි කොහොමද මෙච්චර තරබාරු උනේ? චාර්ලි ගෙ ළමයට මොකද උනේ? චාර්ලි සහ ලිස් අතර තියෙන සම්බන්ධය මොකද්ද? කියලා කතාව බලලම දැනගන්න.











