EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

The Wrath of Becky (2023) | යක්ෂ කෙල්ලගෙයි බල්ලගෙයි පළිගැනීම.| 18+

මේ වෙද්දි ෆිල්ම් එක IMDb හි 6.0ක අගයකුත් 86% කුණු තක්කාලි අගයකුත්, 82% ගූගල් පරිශීලක මනාප ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. මැයි මස 26 වෙනිදා තමයි මේ චිත්‍රපටය නිකුත් උනේ. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Matt Angel සහ Suzanne Coote දෙදෙනා විසින්. ප්‍රධාන චරිතය වෙන බෙකී විදියට Lulu Wilson රංගනයෙන් දායක වෙන අතර Ameriacan Pie චිත්‍රපට මාලාවේ “ස්ටිෆ්ලර්” ලෙස ජනප්‍රියවූ Seann William Scott ඩැරල් ලෙසත්, Denise Burse එලේනා ලෙසත්, Michael Sirow ඇන්තනී ලෙසත් තම රංගන දායකත්වය ලබාදෙනවා.

ඔයාලා කලින් ෆිල්ම් එක බැලුවනම් බෙකී කියන්නේ කවුද කියලා දන්නවා ඇතිනේ. එහෙම නොදන්න අයට පොඩි විස්තරයක් කියන්නම්. බෙකී එහෙමත් නැත්තම් රෙබෙකා කියන්නේ අම්මා පිළිකාවන් නිසා මියගියාට පස්සේ එයා තාත්තත් එක්ක ජීවත් වෙන ගෑණු ළමයෙක්. දවසක් හිරෙන් පැනලා එන නව නාසිවාදී සිරකාරයෝ වගයක් මෙයාගේ තාත්තව මරනවා. එදා ඉඳන් අනාථයෙක් වෙන බෙකී හරිම මුරණ්ඩු, හිතුවක්කාර විදියට තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම මෙයාට ඩියේගෝ කියලා බලු යාළුවෙකුත් ඉන්නවා. ගොඩක් පවුල් බෙකීව හදාගන්න අරගත්තත් මෙයා පලවෙනි දවසේ රෑම ඒ ගෙවල් වලින් පැනලා යනවා.

එහෙම යන වෙලාවක තමයි මෙයාට එලේනව හම්බෙන්නේ. එලේනා කියන්නේ වයසක, තනියම ගෙදරක ඉන්න ගෑනු කෙනෙක්. ඉතිං බෙකී උදේට අවන්හලක වැඩකරන ගමන් සතුටින් එලේනත් එක්ක ඒ ගෙදර ජීවත් වෙනවා. ඔහොම ඉන්න අතරතුර තමයි නෝබල් මෙන් කියන ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයෝ තුන්දෙනෙක් බෙකී වැඩ කරන අවන්හලට එන්නේ. ඒ තුන්දෙනා බෙකීට කරන විහිළුවක් නිසා ඒකට පලිගන්න බෙකී කරන වැඩේට මේ අයට ගොඩක් කේන්ති යනවා. ඒ නිසා මේ තුන්දෙනා බෙකීගේ පස්සෙන් ගෙදරට යන්නේ එයාව පොඩ්ඩක් බය කරන්න කියලා හිතාගෙන. ඔන්න ඔතනින් තමයි වැඩේ දුරදිග ගිහින් හිතපු නැති දේවල් වෙන්නේ. ඒ සිද්ධවෙන දේවල් දැක්කම ඔයාලට අනිවාර්යයෙන්ම ජෝන් වික් පලවෙනි ෆිල්ම් එක මතක් වෙයි හොදේ.

එහෙනම් තව මුකුත් කියන්නේ ඕන නෑනේ ෆිල්ම් එකේ ඉතාම පොඩි කොටසයි මම කිව්වෙ.

Comments

November 10, 2024

Nice