CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
1546 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [No Ads]
  • Player 03 [With Ads]
The Zone of Interest (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

The Zone of Interest (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Dec. 15, 2023United States105 Min.
Your rating: 0
9.5 2 votes
The Zone of Interest (2023) | අඳ දෙනත් සහ බිහිරි කන්

ආයුබෝවන්, ටික දවසකට කලින් මේ චිත්‍රපටියට උපසිරැසි කරන්න වැඩ ඇල්ලුවත් ඒක ඔස්කාර් සම්මාන 5ක් සඳහා නොමිනේට් වීම හේතු කර මම ඒක ගෙන ඒම කල් දැම්මා. උණු උණුවේම ඇකඩමි සම්මානයත් එක්කම මේක එලියට දාන්න හිතුන නිසා.ඇත්තෙන්ම මට සෑහෙන විස්වාසයක් තිබුනා මේකට මොනයම් හෝ ඇකඩමි සම්මානයක් ලැබෙයි කියලා.නිර්දේශ පහක් අතුරින් හොඳම විදේශ භාෂා චිත්‍රපටය මෙන්ම හොඳම ශබ්ද පරිපාලනයට ඇකඩමි සම්මාන ද්විත්වයක් දිනා ගන්න මෙම චිත්‍ර පටය සමත් උනා. ශබ්දය මේක තමයි චිත්‍රපටයේ විශිෂ්ඨතම අංගය.ඇත්තෙන්ම මේ චිත්‍රපටය බලන ගමන් අහන්නත් ඕනෙ එකක්,පූලුවන් නම් හෙඩ් ෆෝන් එකක් දාගෙන අහන්න. ඒ තරම් සූක්ෂමව පසුබිම් හඬ මේ කතාව කියන්න යොදා ගන්නවා. ෆෝවඩ් කරන ගමන් බලන්න ලස්සනට ජීවත් වෙන පවුලක්, සුන්දර පරිසරයක්, උද්‍යාන, මල් යුධ නිලදාරීන්ගෙ සම්භාෂණ හැර වෙන කිසි දෙයක් ඔබට මේකෙ පේන එකක් නෑ. ඒත් ඒ සුන්දර බව අස්සෙ සැඟවුන ලෝක ඉතිහාසයේ කෲරතම සමූල ඝාතනය පසුබිමින් ඔබට අහෙනවා

කතාව පාදක වෙන්නෙ 1940-1945 කාල වලදී අවුට්ස් විච් නැමැති පෝලන්තයේ පිහිටි මහා වධ කඳවුරු සංකීර්ණයේ සිදු උන සංහාරය පිළිබඳවයි, හිට්ලර් විසින් මෙම කාලය තුල යුරෝපයේ වාසය කල මූලික වශයෙන් යුදෙව්වන් ස්හ ඔහුගේ විරුද්ධවාදීන් රැසක් විවිධ සිර කඳවුරු වලට ගාල් කර මරා දමනවා. පෝලන්තය , හංගේරියාව, රුමේනියාව ඇතුළු නැගෙනහිර යුරෝපයේ විසූ යුදෙව් ප්‍රජාව මිලියන හයක් පමණ මෙසේ පවුල් පිටින් ගෙනැවිත් කඳවුරු වලට ගාල් කර පසුව ඒ වෙනුවෙන්ම ගොඩ නැගූ ගෑස් කුටීර වලට ඇතුල් කර මරා දැමීමට කටයුතු කරනවා. දුම් රිය මගින් මෙසේ ගෙනැවිත් නිරාහාරව කඳවුරු වල ගාල් කරන මොවුන්ගේන් සෞඛ්‍ය සම්පන්න සමහරක් වහල් සේවයට යොමු කරන ලද අතර පිරිසක් මෙසේ දැඩි වධ හිංසා විඳිමින්, ශීතලෙන්, ලෙඩ රෝග හා සාගතයෙන් වලින් මිය යනවා. එහෙත් වැඩි පිරිසක් මිය යන්නේ මෙසේ ගෑස් කුටීර තුලට යොමු කිරීමෙන් සහ වෙඩි තබීමෙන්. අවුට්ස්විච් මේ සමූලඝාතන කඳවුරු වලින් වඩාත්ම ප්‍රසිද්ධ කඳවුරයි. අවුෂ්විට්ස් දකුණු පෝලන්තයේ පිහිටි, දෙවන ලෝක යුද සමයේ නාසි පාලකයන්ගේ එක් ප්‍රධානතම සිර කඳවුරක්. මෙය අවුෂ්විට්ස් 1, අවුෂ්විට්ස් 2 (බිර්කෙනාවු) හා අවුෂ්විට්ස් 3 (මොනොවිට්ස්) යන ප්‍රධාන කඳවුරු තුනකින් සමන්විත වූ අතර යුදෙව්වන් මිලියන 1.1 කට පමණ මරු කැඳවූ අමානුෂික ඝාතකාගාරයක් උනා. මෙය තනි කඳවුරක් නොව උප කඳවුරු 45 කින් සමන්විත කඳවුරු පද්ධතියක්. 7000ක් පමණ වූ නාසි SS හමුදා භටයින් විසින් මෙම කඳවුර පාලනය කරනලද අතර ඔවුන්ගේ අණදෙන නිලධාරියා වූ රුඩොල්ෆ් හෙස් මේ කතාවේ කතා නායකයායි.ඉතින් මේ අවුට්ස්විච් කඳවුරු වල ඔවුන් විසින් ගොඩ නැගූ Zyklon B නැමැත් සයනයිඩ අඩංගු විෂ වායුවක් නිකුත් වන කුටීර තුලට ගාල් කර පසුව ගිණි තබා විනාශ කරන ලද සංඛ්‍යාව මිලියන 1.1 ක් පමන වෙන බව සඳහන්. පසු කාලීනව යුද්ධයෙන් අනතුරුව රුඩොල්ෆ් හෙස් ඇතුළු බොහෝ නිලදාර්‍රීන් පිරිසක් හට මරණ දණ්ඩනය ලැබුනු අතර අද අවුට්ස්විච් සහ තවත් කඳවුරු කිහිපයක් කෞතුකාගාර ලෙස පවත්වා ගෙන යන්නේ මේ සමූලඝාතනයේ බිහිසුණු බව අනාගතයට කියා දෙනු පිණිසයි.

මේ සමූලඝාතනය (Holocausts) පාදක කර ගත් චිත්‍රපට සංඛ්‍යාව 100කට වැඩියි. ඒ අතර ඉතා අතිවිශිෂ්ඨ සිනමා පට රාශියක් තියෙනවා. Schindler’s List (1993) Life Is Beautiful (1997). The Pianist (2002) The Boy in the Striped Pajamas (2008) Anne Frank: The Whole Story (2001) ඉන් සමහරක්.

ඉතිං ටිකක් අතීතය මතක් කලේ ඇත්ත වශයෙන්ම මේ වගේ සිනමා පටයක් නරඹද්දි එහි පසු බිම ගැන ඔයාලගෙ යම් අවබෝධයක් තියෙන්න ඕනෙ නිසා. මූලාශ්‍ර සියල්ල විකිපේඩියාවෙන්.

මෙහි කතාව කියැවෙන්නෙ අවුට්ස්විච් අනදෙන නිලධාරියා සහ ඔහුගේ ආදරණීය පවුල ගැන.1943 අවුෂ්විට්ස් ගාල් කඳවුරේ අණදෙන නිලධාරි Rudolf Höss, ඔහුගේ බිරිඳ හෙඩ්විග් සහ ඔවුන්ගේ දරුවන් පස්දෙනා සමඟ කඳවුරට යාබද මනරම් නිවසක ජීවත් වෙනවා .ඔවුන්ට කිසි ප්‍රශ්ණයක් නෑ. සියළු සැප පහසුකම් වගේම යුදෙව් මෙහෙකරුවන් මෙහෙකාරියන් පිරිවරාගෙන සිටිද්දී හෙස් සිය නව උදුන් පද්ධතිය නිරමාණය කිරීමට කටයුතු කරනවා. එහෙත් ඔහුට උසස් වීමක් සමග ස්ථාන මාරුවක් ලැබුනත් මේ පාරාදීසය දමා යාමට ඔහුගේ බිරිඳගේ කැමැත්තක් නෑ. තාප්පයෙන් එපිට දිනපතා නැගෙන මරලතෝනි, උඳුනෙන් පිට වෙන දුමාරය , අළු මේ කිසිවක් ඔහුගේ පවුලේ සතුටට බාධාවක් වී නෑ. තාප්පය විසින් පාරදීසය සක අපාය වෙන් කර තබනවා. දහස් හණන් මිනිසුනිතා කෲර ඉරණමකට ගොදුරු වෙද්දී තමන්ගේ සොඳුරු සිහිනය සැබෑ කර ගැනීමට ඔහුගේ බිරිඳ උත්සාහ දරනවා. ඉතිං ආයෙ කියනවා මේක බලන්න ඒ වගේම අහන්න. ඔබට දැනේවි.

Jonathan Glazer විසින්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම BANDULA K (Baiscopelk)
IMDb 7.5 /10 53,219 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Cast

Christian Friedel isRudolf Höss
Rudolf Höss
Sandra Hüller isHedwig Höss
Hedwig Höss
Johann Karthaus isClaus Höss
Claus Höss
Luis Noah Witte isHans Höss
Hans Höss
Nele Ahrensmeier isInge-Brigit Höss
Inge-Brigit Höss
Lilli Falk isHeideraud Höss
Heideraud Höss
Anastazja Drobniak isAnnagret Höss
Annagret Höss
Cecylia Pekala isAnnagret Höss
Annagret Höss
Kalman Wilson isAnnagret Höss
Annagret Höss
Medusa Knopf isElfriede
Elfriede

Similar titles

Superman vs The Elite (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Ponman (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Transformers: Age of Extinction (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Protector (2005) | Tom yum goong | Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Mukhachitram (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Alpha (2018) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bagheera (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bad Genius (2017) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Operation Napoleon (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Secret Kingdom (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
John Wick (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Dwaraka (2017) Sinhala Subtitles

(1) comment

  • Shyamila March 15, 2024 Reply

    Thank you very much for choosing such a movie

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published