EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Thrishanku (2023) | අමුතුම විදිහෙ පැනල යාමක්

මේකත් 2023 මැයි මස නිකුත් වුන තවත් Malayalam කොමඩියක්. Imdb 6.2 අගයක් ගත්ත මේ ෆිල්ම් එකත්. මීට කලින් සබ් දුන්න JOURNEY OF LOVE 18+ බැලුවද? ඒකෙ තියෙන්නෙ කපල් එකක් පැනල යන සීන් එකක්. මේකත් පැනල වෙනසක් නෑ පැනල යන සීන් එකක්.ඒකත් අමුතුම විදිහෙ එකක්. එකක් නම් කමක් නෑ දෙකක්.Arjun Ashokan, Anna Ben, ප්‍රධාන චරිත කරන මෙහි Zarin Shihab, Shiva Hariharan, Fahim Safar, Krishna Kumar, Suresh Krishna, Nandu මෙහි රඟපානවා.අධ්‍යක්ෂණය Achyuth Vinayak ගෙන්.

මේඝා(Anna Ben) සේතු (Arjun Ashokan ) එක්ක පැනල යන්න තීරණය කරනවා.එයාගෙ තාත්ත පොලිසියෙ හිටපු ඉහළ නිලධාරියෙක්. ඒ නිසා හොඳට සැලසුම් කරල මේක ක්‍රියාවෙ යොදවන්න වෙනවා.ඔන්න ඉතින් පාන්දර කුකුළ අතේ අරන් මේඝ ගෙදරින් පනිනවා.සේතුගෙ වාරෙ.පොර කූල් එකේ එළියට බැහැල පාරට ආව විතරයි කෝල් එකක් එනව ගෙදරින්.නරක වෙලාවට නගිනකොට පුවක් ගහෙත් දෙබලක් නේ.මෙන්න යකෝ සේතුට ඉස්සර වෙලා එයාගෙ නංගි.එයත් එදාම උදේ පැනල ගිහින්.දැන් මොනව කරන්නද? ගෙදර එකම කාලගෝටියක්.සේතුගෙ අපූරු මාමල දෙන්නට මැදි වෙලා කරකියා ගන්න දෙඅය්ක් නැතුව සේතු ඔන්න එයාලත් එක්ක නංගි හොයන්න හදනවා.එතකොට මේඝා? දැන් ආපහු ගෙදර යන්නත් බෑ.පැනල යන්නත් බෑ. එයාට මොකද වෙන්නෙ? SPOIL කරන්නෙ නෑ.

Comments