EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Tiger 3 (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageTiger 3 (2023) | ” මිෂන් ටයිම්පාස් ”
මෙම චිත්‍රපටය ඔරිජිනල් WEB-DL පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.
(Tiger 3 (2023) Sinhala Subtitles) (Tiger 3 (2023) Sinhala Subtitle) (Tiger 3 (2023) Sinhala Sub) (Tiger 3 Sinhala Subtitle) (Tiger 3 Sinhala Sub) (Tiger 3 2023 Sinhala Subtitle) (Tiger Sinhala Subtitle)
ආයුබෝවන් හැමෝටම !
අලුත්ම හින්දි චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙන තමයි අද වෙබ් අඩවියට ගොඩ උනේ.
Tiger 3 කියන්නෙ YRF Spy Universe එකට සම්බන්ධ ෆිල්ම් එකක් කියල ඔයාලා හැමෝම දන්නව ඇතිනේ.ඉතින් ගිය අවුරුද්දේ YRF Spy Universe එකේ මුවීස් දෙකක් රිලීස් උනා. එකක් ශාරුක් ඛාන්ගේ පඨාන්.දෙක ටයිගර් 3.ඉතින් මේ හැම ෆිල්ම් එකම නිෂ්පාදනය කරන්නේ යශ් රාජ් ෆිල්ම්ස් විසින්.ඉතින් මේ ටයිගර් 3 චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ මනීශ් ශර්මා විසින්.කතාව ආදිත්‍යා චොප්රාගේ.මීට කලින් Ek Tha Tiger (2012) , Tiger Zinda Hai (2017) ෆිල්ම් දෙක තමයි මේ චිත්‍රපට මාලාවට සම්බන්දව රිලීස් උනේ.ඊට පස්සෙ තමයි පඨාන් සහ කබීර්ව යොදාගෙන මේක Universe එකක් විදියට ගොඩ නැගෙන්නෙ.අති සාර්ථකව තිරගත වුනු ටයිගර් 3 චිත්‍රපටය බොක්ස් ඔෆිස් හි ඉන්දියානු රුපියල් කෝටි 466ක ආදායමක් ලබාගන්න සමත් වුනා.
සුපුරුදු පරිදි සෝයා ලෙසින් කත්‍රිනා කයිෆ් සහ ටයිගර් ලෙසින් සල්මන් ඛාන් විශිෂ්ඨ රංගනයක නිරත වෙනවා වගේම ඉම්රාන් හශීම් තමයි ප්‍රතිවීර චරිතයට පණ පොවන්නෙ. මේ චිත්‍රපටයේ ඔන්න පඨාන්ගෙ වගෙම හැමෝම බලාපොරොත්තු වුනු කබීර්ගෙ කැමියෝ දෙකක් ඇතුලත් කරල තියෙනව.
කතාව මතක් කලොත් මේක පටන් ගන්නෙ සෝයාගෙ පොඩි කාලෙන්.එයා ලන්ඩන් වල එයාගෙ තාත්තා එක්ක පුහුණු වීම් කර කර ඉන්නවා.ඉතින් එයාගෙ තාත්තා ISI එකේ සොල්දාදුවෙක්. ඒවගේම දේශප්‍රේමියෙක්.ඉතින් ඔය අතරේ පකිස්තානය හමුදා පාලනයකට යටත් කරගත්තා කියල නිව්ස් වල යනවා.
මේ අතීත කතාව එක්ක තමා කතාව පටන් ගන්නේ.එහෙනම් ඔයාලම බලන්න ඉස්සරහට මොකද වෙන්නේ..මේ සැරේ සෝයා සහ ටයිගර් මොන වගේ මෙහෙයුමකද නිරත වෙන්නේ කියලා.











