CS Player  හා EVO Player පමණක් ක්‍රියා කරයි.අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

To the Forest of Firefly Lights (2011) AKA Hotarubi no mori e | වනවදුලක බැඳි දෙහදක්!

කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමුකෝ. සිංහල මාතෘකාව දැක්කම පේනවනේ මේක ආදර කතාවක් කියලා. මේ ආදර කතාව පටන් ගන්නේ ”කන්දේ දෙවියන්ගේ වනාන්තරේ” කියන ආත්ම සැරිසරන ගන වනාන්තරේ අතරමං වෙන හෝටරු කියන ගැහැනු ළමයයි, එයාට පිහිටට එන ජින් කියන පිරිමි ළමයයි අතර. පිරිමි ළමයෙක් කිව්වට ජින් කියන්නේ සාමාන්‍ය මනුස්සයෙක් නම් නෙවෙයි. එහෙනම් එයා කවුද? හෝටරු ටත්, ජින් ව තේරුම් ගන්න මුලදි ටිකක් අමාරු වෙනවා. කොහොමින් කොහොම හරි ආදරෙන් බැඳෙන හෝටරු සහ ජින් ට මුහුණ දෙන්න වෙන ලොකුම ලොකු අභියෝගයක් තියනවා. ඒ තමයි මනුෂ්‍යයෙක්ගේ ස්පර්ශයක් ලැබුනොත් එසැනින් ජින් අතුරුදහන් වෙලා යන එක!

”මම හරියට අවතාරයක් වගේ. හෝටරු, ඔයා මාව අමතක කරත්, මම ඔයා එක්ක තරහ ගන්නේ නෑ. මගේ මේ ශරීරේ ජීවත් කරවන මායාව බොහොම දුර්වල එකක්.”

මායාවෙන් පිරුන, ජින්ගේ ආත්මය ආදරයෙන් බැඳ තැබූ හෝටරුගේ ආදරයට කුමක් වෙයිද?

IMDb දර්ශකයේ 8.0 ක් වගේ ඉහළ අගයක් හිමි කරගත්ත බොහොම සංවේදි මේ ආදර කතාව නරඹන ඔබේ වටිනා ප්‍රතිචාර මට කියන්න අමතක කරන්න එපා

Comments

February 26, 2023

A silent voice dennko 🥺💗

August 7, 2023

Mn dakka supirima movie & tv series website eka meka