EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Trigger Warning (2024) | අත් බෝම්බය

 

Action/Thriller කාණ්ඩය අයත්වෙන මෙයට පැය 1 මිනි: 46ක ධාවන කාලයක් තියෙනවා. මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය කරන්නේ Mouly Surya විසින්. රචනය කරන්නේ John Brancato, Josh Olson සමඟින් Halley Wegryn Gross.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Jessica Alba, Mark Webber, Tone Bell, Jake Weary, Anthony Michael Hall ඇතුළු නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ හමුදා සේවයේ ඉන්න සෙබලියක් සහ ඇගේ පියාගේ මරණය අතර. පාකර් කියන මේ සෙබලියට මෙහෙයුමකින් පස්සේ කෝල් එකක් එනවා තාත්තා පතල් කඩාවැටීමකට යටවෙලා මැරිලා කියලා. ඉතින් ඒ ආරංචියත් එක්ක ආපහු ගමට යන පාකර් ට පරණ යාලුවෝ එහෙම මුනගැහෙනවා. ඒත් එක්කම තාත්තාගේ මරණය ගැන සැක හිතිලා හොයන්න පටන්ගන්නවා. ඒත් එතනින් පස්සේ මොකද වුණේ? ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා.

මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ.

Comments

September 16, 2025

❤️