CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

Online Play
2794 Views

  • Watch trailer
  • Player 01 [With Ads]
  • Player 02 [With Ads]
  • Player 03 [With Ads]
  • Player 04 [No Ads]
Triple Frontier (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Triple Frontier (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 06, 2019United States125 Min.
Your rating: 0
9.3 18 votes
Triple Frontier (2019) | අධික තණ්හාවේ ප්‍රතිවිපාක..

පහුගිය ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන ලබාගත්ත Netflix සමාගමේ තවත් සුපිරි නිර්මාණයක් අරගෙනයි මේ මුණගැහෙන්න යන්නෙ. අපෝ ඔන්න තවත් Netflix ෆිල්ම් එකක් ගෙනල්ලා කියයි නේද? මේකත් ඔය වෙනදා බලන සාමාන්‍ය බජට් ෆිල්ම් එකක්ද? අපෝ නැහැ. ඔය වගේ සැක ඇති කරගන්න කොහොමටවත්ම ඕන නැහැ මොකද. මේක සුපිරියක්. ඒ ඇයි කියලා ඉස්සරහට කියාගෙන යන්නම්.

හුගක් රජයන්වල වෙන දෙයක් තමයි තවත් කෙනෙක්ගෙන් සේවයක් අරගෙන පස්සෙ කාලෙක එයාලා විශ්‍රාම ගියාම ඒ හැටි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව යන එක. විශේෂයෙන්ම රට වෙනුවෙන් ජීවීත කැප කරන රණ විරුවන්ට. ඒ වගේ රට වෙනුවෙන් සෑහෙන මෙහෙවරක් කරපු විශේෂ පුහුණු බලකායේ සෙබළුන් පිරිසක් මේ වෙද්දී හරිම අමුතු ජීවීත ගත කරන ගමන් ඉන්නෙ. සමහර අය දිරි ගැන්වුම් කතා පවත්වන්න විතරක් සීමා වෙලා. තවත් සමහරු බොක්ෂින් ශුරයෝ වෙලා. තවත් සමහරු ගෙවල් විකුණන අය වෙලා. තමන් අතට ලැබෙන විශ්‍රාම වැටුපෙන් සෑහෙන රෝලක් ගහන් යන, පවුල් දෙක බලාගන්න වෙච්ච අය මේ අතරේ ඉන්නවා. දවසක් මේ අය එක්කම සේවය කරපු කෙනෙක් හොයාගන්නවා කාටෙල් එකක් අස්සේ සල්ලි කන්දරාවක් ගොඩ ගහගෙන ඉන්න මිනිහෙක් ගැන. මේ කෙනා තීරණය කරනවා මේ මිනිහා ගොඩ ගහන් ඉන්න සල්ලි වලින් මංකොල්ලකන්න ඕන කියලා. ඉතින් මේ වැඩේ තනියම කරන්න බැරි නිසා එයා තීරණය කරනවා තමන්ගේ පරණ ටීම් එක ආපහු වතාවක් එකතු කරගන්න ඕන කියලා. තමන්ගේ ජීවීතේ හැමදේම පැත්තකට දාලා සල්ලි අරගන්න යන මේ සෙබළුන්ට මේ වැඩේ ලේසි වෙන්නෙ නැහැ. සෑහෙන දුෂ්කරතා වලට මුහුණ දෙන්න සිද්දවෙනවා. සෑහෙන සාර්ථකත්වයෙන් පටන් ගන්න මේ මෙහෙයුම අන්තිමේදී කෙළවරක් වෙන්නෙ කිසිම කෙනෙක් නොහිතන විදිහට.

අහලා ඇතිනේ සමහර ස්ට්‍රීම් සර්විස් හරහා නිර්මාණය වෙන චිත්‍රපට සිනමාශාලා වලටත් දාලා සල්ලි හොයනවා කියලා?! අන්න ඒ විදිහේ නිර්මාණයක් තමයි Triple Frontier කියන්නෙ. ඇමරිකානු එක්සත් රාජධානියෙ තවමත් යොද නැඹුරුවක් තියෙන, වැඩි කතාබහකට ලක් වෙච්ච චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. පුරා සතියක් පුරාවට ඒ කිව්වේ පසුගිය මාර්තු 06’වැනිදා ඇමරිකානු එක්සත් රාජධානියෙ වගේම ස්පාඤ්ඤයෙ සීමිත සිනමාශාලා කිහිපයක අති සාර්ථක විදිහට තිරගත කිරීමක් සිද්දවුණා. අවාසනාවට චිත්‍රපටයේ ආදායම්/වියදම් වාර්තා නම් තවමත් සදහන් වෙලා නැහැ. හැබැයි චිත්‍රපටයබලද්දී ඔයාලට තේරෙන්න ගනීවි මොන තරම් ගුණත්වයෙන් චිත්‍රපටය නිර්මාණය කරලද කියලා.

මේකට වැඩි හරියක්ම දායකත්වය ලැබිලා තියෙන්නෙ DCEU රගපාපු කෙනෙකු වගේම ඒ චිත්‍රපට නිර්මාණයට දායක වුන අයයි. Atlas Entertainment සමාගම හරහා නිෂ්පාදන කටයුතු ආරම්භ කෙරෙන මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිද්දවෙන්නෙ J. C. Chandor යටතෙ. Charles Roven කියන නම නම් අහලා ඇති. මං අර මුලින් සදහන් කරපු විදිහට DCEU හි වගේම තවත් කොමික් චිත්‍රපට බොහොමයක් නිර්මාණයට දායක වූ කෙනෙක් තමයි මේ චිත්‍රපටයෙ නිෂ්පාදකවරුන් අතරේ මුලින්ම ඉන්නෙ චාර්ල්ස් තමයි. ඊට අමතරව Neal Dodson, Alex Gartner, Andy Horwitz කියන පිරිසත් මෙහි නිෂ්පාදක වරුන් විදිහට වැඩ කරලා තියෙනවා. Netflix හරහා ලොව පුරා බෙදාහැරිම ආරම්භ කරන්න කලින් සීමිත සිනමාශාලා තුල ප්‍රදර්ශනය කරන කාලෙ අතරතුර IMDb දර්ශකය තුල 8.7/10 ක අගයක්ද, Rotten Tomatoes දර්ශකය තුල 70% ක නැවුම් ප්‍රතිශතයක්ද ලබා ගන්න හැකියාවක් ලැබුණා. පැය දෙකකුත් විනාඩි පහකුත් පුරාවටම ධාවන කාලයක් අරගත්ත මේ චිත්‍රපටය Action, Adventure, Crime කියන කැටගරි වලට අයත් වෙනවා.

චිත්‍රපටයෙ ප්‍රධාන චරිත ගැන කතා කරනවානම් DCEU එකේ වසර ගණනාවක් පුරාවටම බැට්මෑන්ගේ චරිතයට රංගනයෙන් දායක වූ Ben Affleck තමයි මේ චිත්‍රපටයේ “ටොම්ගෙ” චරිතයට දායක වෙලා තියෙන්නෙ. මීට අමතරව Pacific Rim (2013), King Arthur: Legend of the Sword (2017) වගේ තවත් හුගක් ජනප්‍රිය චිත්‍රපටවල දායක වූ Charlie Hunnam තමයි මෙහි “විලියම්” විදිහට දායක වෙලා තියෙන්නෙ. මීට අමතරව X-Men: Apocalypse (2016) චිත්‍රපටයෙ හිටිය Oscar Isaac වගේම Adria Arjona, Garrett Hedlund, Pedro Pascal, Sheila Vand වගෙ හුගාක් ජනප්‍රිය නළු නිලියන් රැසක් තමයි මේ චිත්‍රපටය සදහා එක්වෙලා තියෙන්නෙ.

ක්‍රියාදාම, මංකොල්ලකෑම් ඔය දෙකම එක්කාසුවුණු චිත්‍රපටයක් බලන්න හොයනවනම් මේක අරගෙන බලන්න කියලා කියනවා. එහෙනම් ඉතින් මේ කියනවා වගේම චිත්‍රපටය හොදද කියලා බලලම කියන්නකො.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම චාමර සම්පත් (Baiscopelk)
IMDb 6.5 /10 139,398 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

J.C. Chandor
Director

Cast

Ben Affleck isTom 'Redfly' Davis
Tom 'Redfly' Davis
Oscar Isaac isSantiago 'Pope' Garcia
Santiago 'Pope' Garcia
Charlie Hunnam isWilliam 'Ironhead' Miller
William 'Ironhead' Miller
Garrett Hedlund isBen Miller
Ben Miller
Pedro Pascal isFrancisco 'Catfish' Morales
Francisco 'Catfish' Morales
Reynaldo Gallegos isGabriel Martín Lorea
Gabriel Martín Lorea
Maddy Wary isTess Davis
Tess Davis

Similar titles

Dream of Eternity (2020) Sinhala Subtitles
Shadow in the Cloud (2020) Sinhala Subtitles
Bhoot Police (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Nerve (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
The Seeker: The Dark Is Rising (2007) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kong: Skull Island (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Pen Vilai Verum 999 Rubai Mattume (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Rambo (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Justice League: War (2014) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Bhuj: The Pride of India (2021) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Bricklayer (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Transporter Refueled (2015)  Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Leave a comment

Name *
Add a display name
Email *
Your email address will not be published