EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Under Paris (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Benjamin Gens, Jude Poyer, Manon Manucci, Thomine de Pins, Xavier Gens
Cast
Go Full Cast PageUnder Paris (2024) | පැරීසියේ මෝර භීෂණය
මෝරුන් සම්බන්ධ චිත්‍රපට නරඹන්න කැමතිනම්, Jaws, The Meg, Deep Blue Sea, Meg 2: The Trench වගේ චිත්‍රපට ආසාවෙන් නැරඹුවනම් එහෙනම් මේ තමයි ඔයාලගේ වාසනාවන්ත දවස. මොකද මෝරුන් සම්බන්ධව නිර්මාණය උන නවතම චිත්‍රපටය තමයි මම අද ඔයාලට අරන් ආවේ. මේ සලරුව නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් උනේ පසුගිය 6 වෙනිදා. ඒ වගේම මේක ප්‍රංශ චිත්‍රපටයක් කියලත් කියන්න ඕන. එහෙනම් චිත්‍රපටයේ අන්තර්ගතය පොඩ්ඩක් බලලා ඉමු නේද.
පැරීසිය… ලොව ජනාකීර්ණම නගරයන්ගෙන් එකක්, එමෙන්ම ලෝක උරුමයක් වන සුපතල අයිෆල් කුළුණ තිබෙන්නෙත් එහිම තමයි. ආදරවන්තයන්ගේ නගරය කියලත් පැරීසියට අන්වර්ථ නාමයක් තිබෙන්නේ එහි තියෙන ප්‍රේමණීය සුන්දරත්වය නිසාමයි. මේ පැරිස් නගරයේ අලංකාරයට එහි පිහිටා තිබෙන සේන් නදියත් බලපානවා. කිලෝ මීටර 777ක් පුරා දිවෙන මේ සුන්දර ගංගාවට හදිසියේම මෝරෙක් ආවොත් මොකක් වෙයිද? සාමාන්‍ය මෝරෙකුත් නෙමෙයි මිරිදියේ වාසය කරන්න පුළුවන් ඒ වගේම ඕනෑම පරිසර තත්වයකට හැඩගැසෙන්න පුළුවන් මෝරෙක් තමයි පැරීසියේ සේන් නදියට හදිසියේම කඩා වදින්නේ. ඉතිං මේක වෙන්නේ කොහොමද? මෝරෙක් වගේ සමුද්‍ර ජීවීයෙක් මිරිදියේ වාසය කරන්නේ කොහොමද? පැරීස් වාසීන් මේකට කොහොම මුහුන දෙයිද කියන ප්‍රශ්න වලට උත්තර දැනගන්න නම් ඔයාලට මේ සලරුව නරඹන්නම වෙනවා.
Under Paris (2024) චිත්‍රපටය මේ වෙද්දි 5.6ක IMDb අගයක් සහ Rotten Tomatoesහි 67%ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. Action / Horror යන කාණ්ඩයන්ට අයත් වෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Xavier Gens කියන අධ්‍යක්ෂකවරයා. ප්‍රංශ ජාතික රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායක වෙන මේ සලරුවේ ප්‍රධාන චරිතය හොබවන්නේ Bérénice Bejo විසින්. ඇය A Knight’s Tale (2001) චිත්‍රපටයේ සහය චරිතයක් නිරූපනය කලා ඔබට මතක ඇති. එමෙන්ම ප්‍රංශ භාෂා චිත්‍රපටයක් වන The Artist (2011)හි රංගනය වෙනුවෙන් ඇය සම්මාන රැසකටත් නිර්දේශ වෙලා තියෙනවා. සෙසු චරිත වෙනුවෙන් Nassim Lyes, Anne Marivin, Léa Léviant සහ Anaïs Parello යන නළුනිළි කැල සම්බන්ධ වෙලා තිබෙනවා.








