EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Underworld: Awakening (2012) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Björn Stein, Christine Wilson, Måns Mårlind, Paul Barry
Country:United States of America
Year:2012
Subtitle By: දුලාන් තනුශංක සිල්වා (Baiscopelk)
Country: United States, Canada
Cast
Go Full Cast Pageපිබිදීම…
මේ ෆිල්ම් එක 2012 වසරේදි ආපු සුපිරි ෆිල්ම් එකක්. ඒ වගේ මේකට රේටිංග්ස් වල 6.3/10 අගයක් ලැබී තියෙනවා. Kate Beckinsale, Michael Ealy සහ India Eisley යන කට්ටිය තමයි මේකෙ චරිත වලට පණ පොවන්නෙ. එහෙනම් කථාවත් ටිකක් අහගන්නකො.
ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මෙහෙමයි. පිසාචයන්(vampires) අතරයි වෘක මිනිසුන්(lycans) අතරයි ඉතා දීර්ඝ කාලයක් තිස්සෙ යුද්ධයක් පැවතගෙන ඇවිත් තියෙනවා. එය අතීතයේදී මිනිසුන්ගෙන් සැගවී තිබූ එකක් වුණා. ඒත් කාලයාගේ ඇවෑමෙන් තවදුරටත් ඒ යුද්ධය මිනිසුන්ගෙන් සැගවී තිබුණෙ නෑ. එතනින් පස්සෙ තමයි කතාව පටන් ගන්නෙ. තව පොඩ්ඩක් කියනවා නම් වෘක මිනිස්සුන්ගේ වර්ධනය ලෝකය තුළ වසංගතයක් වෙනවා. මේ අතර ඉන්නවා එක් සුවිශේෂී පුංචි ගෑනු ළමයෙකුත්.
ඇය වෘකයන් අතට පත්වෙයිද? ඇයට මොකද වෙන්නෙ? මේ ඔක්කොම බලන්න ඕන නම් ෆිල්ම් එක බාගන්නම වෙනවා. ෆිල්ම් එක බාගන්න ආපු ගමන් මගේ මහන්සියට ස්තූති කරලා යන්නත් අමතක කරන්න එපා.











