EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

මගේ පණ

යාළුවනේ මන් අද ගෙනාවා 2025 අගෝස්තු 1 වෙනිදා දමිළ සිනමාවෙන් නිකුවෙච්ච උසුරේ චිත්‍රපටයට උපසිරැසි අරගෙන

මේක අධ්‍යක්ෂණය කරන්නේ නවීන් ඩී ගෝපාල් මහතා විසින්

රංගනයට දායක වෙන්නේ ඩීජේ අරුණාචලම්, ජනනි, මන්ත්‍රා, ක්‍රේන් මනෝහර්, සෙන්ති වගේ නළු නිළියන්

සංගීතය මුසු කරන්නෙ කිරන් ජෝෂ්

සිනමාකරණය කරන්නේ මාර්කිෂායි

පැය 2 විනාඩි 3 කට ආසන්න කාලයක් පුරා කියන මන් ටිකක් කෙටිකරලා කියන්නම්

තමිල්නාඩු හා ආන්ද්‍ර ප්‍රදේශ් මායිමේ චිත්‍රෝර් කලාපයේ සිදු වෙච්ච සත්‍ය සිදුවීමක් මත පදනම්ව තමයි අධ්‍යක්ෂක නවීන්.ඩී.ගෝපාල් උසුරේ චිත්‍රපටය හරහා මේ කතාව කියන්නේ. ක්‍රේන් මනෝහර් සහ සෙන්තිගේ පුත් වීරයා වන ඩීජේ අරුණාචලම්. එයාගේ ගල් වළක වැඩ කිරීම, මිතුරන් සමඟ විනෝද වෙන එක , ගමේ කෝවිලේ උත්සවය වගේ දේවල් එක්ක ජීවිතය භුක්ති විඳිනවා..විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් විදියට චරිතයකට දායක වන බිග් බොස් ජනනි අපේ වීරයා වෙච්ච රාගවාගේ නිවස අසළ පදිංචියට යනවා අනුශ්‍යා තමන්ගේ දුවගේ තරුණ වියේදී තම සැමියාගෙන් වෙන් වූ නිසා ඇය ඉතා දැඩි ලෙස කේන්තියෙන් ඉන්නවා. එයා තමන්ගෙර් දුවගේ පස්සෙන් එන තරුණයින්ට බැණ වදිමින් ලුහුබඳිනවා. වීරයා ජනනි සමඟ ආදරයෙන් බැඳිලා ඉන්නකොට එයාට විරුද්ධ වෙන විලාසය චිත්තෝර් පසුබිමේදී සිද්ධ වෙන දේවල් අධ්‍යක්ෂවරයා විස්තර කරනවා

මේක දෙමළ චිත්‍රපටයක්ද නැත්තම් තෙළිඟු චිත්‍රපටයක්ද කියන එක ඇතුළේ පොඩි සැකයක් තියෙනවා…. ඒකට හේතුව ගොඩක් චරිත දෙමළ සහ තෙළිඟු මිශ්‍රණයකින් කතා කරන නිසා. අධ්‍යක්ෂවරයා මේක එහෙම තියන්න හේතුවෙලා තියෙන්නෙ මේක චිත්තෝර් ජනතාවගේ ජීවිතයක් එක්ක බැඳිච්ච නිසා ඊටපස්සෙ සම්පූර්ණයෙන්ම දෙමළ භාෂාවට චිත්‍රපටය මාරු වෙනවා… චිත්‍රපටයේ විශේෂත්වය තමයි චිත්තෝර් අවට පරිසරය, ගමේ උත්සවය, කිරි ව්‍යාපාරය , මිතුරන් අතර කතාබස් වගේ චිත්තෝර් ජනතාවගේ ජීවිත සජීවීව පෙන්වන එක…

DJ අරුණාචලම් තමයි ගමේ ඉතා ස්වාභාවික තරුණයෙකුගේ චරිතය රඟපාන්නේ. ගීතවල ඔහුගේ නර්තනය ද හරිම පුදුමයි. බාධක නොතකා එයා ජනනි එක්ක ආදරයෙන් බැඳීලා නැන්දම්මා වෙච්ච අනුශ්‍යා එක්ක ගැටුම් ඇති කර ගන්නවා….

චිත්‍රපටය ආරම්භ වන්නේ තමන්ගේ මිතුරාගේ ආදර කතාව තම බිරිඳට පවසන ගමන් . චිත්‍රපටය අවසන් වන්නේ එම පෙම්වතුන්ට සිදු වූ දේ ගැන විස්තර කරන ගමන්. අවසානය නම් හරිම සංවේදීයි මටත් දුක හිතුණා…

චිත්‍රපටයේ වීරයයි තමන්ගේ ආදරවන්තියයි ආදරේ කරපු හැටි,ඒ දෙන්නට මුහුණ දෙන්න සිද්ද වෙච්ච දේවල්,ඒ දෙන්නා කසාද බැන්දද නැද්ද වගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ඔයාලටත් මේ චිත්‍රපටය බලන්න කියලා මන් ආරධනා කරනවා

Comments