EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Valatty (2023) | බලු කතාවක්…

නළු නිළියො ඔක්කොම බල්ලො.සත්තු එක්ක කරපු චිත්‍රපට ඕනැ තරම් සිනමාවෙ තියෙනවා.ඉන්දීය සිනමාවෙත් චිත්‍රපට විශාල ගණනක් තියෙනවා. අලි, බල්ලො, චිම්පන්සි මෙයින් විශේෂයි.HATHI MERE SAATHI 1971 HUM APKE HAIN KAUN 1994 වගේම ළඟදි ආපු 777 CHARLEYසහ මේ වසරේ නිකුත් උන මලයාලම් චිත්‍රපට NEYMAR, POOVAN එසේ අමතක නොවන නිර්මාණ කීපයක්. මේ චිත්‍රපට සත්ත්ව ක්‍රියාකාරකම් සහිත මිනිස් කතා උනත් මේ කතාව මිනිස් ක්‍රියා කාරකම් සහිත බලු කතාවක්. මෙය ඇත්තම සත්තු රඟපාන VFX රහිත ප්‍රථම ඉන්දියානු චිත්‍රපටය බව කියැවෙනවා.

මිනිසුන්ගේ ක්‍රියාකාර කම් නිසා අපහසුතාවන්ට ලක්වෙන සුනඛ ලෝකය තමයි කතාවට පාදක වෙන්නෙ. ටොමී සහ අමලු අසල්වාසී බලු පෙම්වතුන් යුවලක්. ඔවුන්ගේ ආදරයට බලු ප්‍රශ්ණ නැතත්, වර්ගය පමණක් නෙමෙයි, ආගම, කුලය පවා ඔවුන්ගේ හාම්පුතුන්ට ගැටළුවක්.ඔවුන්ගේ ආදරය හාම්පුතුන් අතර ගැටුම් ඇති කරද්දී දෙන්නා අතින් සුළු වැරදීමක් වෙනවා.මොකද ඉතිං බල්ලන්ට උපත් පාලනය ක්‍රමවේද තියනවායැ. එයින් ඇතිවන ගැටළු මැද පලා යන මේ ජෝඩුවට අත්විඳින්නට සිදුවන සිදුවීම් පෙළක් තමයි මෙහි තියෙන්නෙ.

Valatty (2023) Sinhala Subtitles
මේක සිරා කතාවක් නෙමෙයි. අන්තිම සරල නිර්මාණයක්. කොහොම උනත් ඉංදියානු රසිකයො මේ උත්සාහය සාදරයෙන් වැළඳ ගෙන තියෙනවා. මේ නත්තල් සමයේ දරුවොත් එක්ක සැහැල්ලුවෙන් බලන්න ආරාධනා කරනවා. ඔබ මලයාලි රසිකයෙක් නම් මේකෙ බල්ලොන්ගෙ කටහඬවල් ලේසියෙන්ම හඳුනා ගනීවි. ඒ මේකට හඬ කවල තියෙන්නෙ ජනප්‍රියම නළු නිළියො කිහිප දෙනෙක් නිසා.

Valatty (2023) Sinhala Subtitles
දේවන් ජයකුමාර්ගෙ අධ්‍යක්ෂනයක් වන මෙහි මිනිස් චරිත DEW MOHAN, MAHIMA NAMBIAR, VIJAY BABU, SRIKANTH MURALI රඟපාන අතර ROSHAN MATHEW, RAVEENA RAVI, SOUBIN SHAHIR, SUNNY WAYNE සහ INDRANS හඬ කැවීම් වලින් දායක වෙනවා.

Comments