EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageVARTHAMANAM (2021) | අරගලය
අබ්දූර් රහ්මාන් සාහිබ් කියන්නෙ කේරළයෙන් බිහිවුණ, ඉන්දියානු නිදහස් සටන් ව්‍යාපාරයේ වැදගත් සාමාජිකයෙක්. එයා ගැන සමීක්ෂණයක් කරන්න දිල්ලියේ විශ්වවිද්‍යාලයකට එන මලයාලම් ශිෂ්‍යාවක් වන ෆයිසා සූෆියා ( Parvathy Thiruvothu ) වටා තමා මේ කතාව ගෙතිලා තියෙන්නේ.
ඉන්දියාව කියන්නේ කුල ක්‍රමය, ජාතිවාදය, ආගම්වාදය වගේ දේවල් තදටම තියෙන රටක්නේ. ඒත් ෆයිසා කියන්නෙ සමානාත්මතාවය ගොඩක් අගය කරන කෙනෙක්. ඒ වෙනුවෙන් සටන් කරන ෆයිසා සූෆියා, අමල් ක්‍රිෂ්ණා ( Roshan Mathew ) ඇතුළු කණ්ඩායමට ඉදිරියේදී මොන මොන ප්‍රශ්න වලට මුහුණදෙන්න සිද්ද වේවිද?
මේ ෆිල්ම් එක බලන්න කලින් ඔයාලා මේ සංකල්ප ගැන යන්තම් දැනගෙන යනවනම් හොඳයි කියලා මට හිතුණා.
ෆැසිස්ට්වාදය : සරලවම කීවොත් ෆැසිස්ට්වාදය කියන්නේ ඒකාධිපති දේශපාලන දෘෂ්ටිවාදයක්. මේකෙදි ජනතාවට පාලකයා ප්‍රශ්න කරන්න අයිතියක් නෑ. ඇඩොල්ෆ් හිට්ලර් සහ බෙනීටෝ මුසෝලිනි වගේ අය මේ පාලන ක්‍රමය තමා අනුගමනය කරේ.
ලෞකිකවාදය/නිර් ආගම්වාදය : මේ කියන්නේ දේශපාලනය, ආර්ථිකය, සංස්කෘතිය වගේ දේවල් සහ ආගම එකිනෙක පටලවා නොගෙන කටයුතු කිරීම. ඒ කියන්නේ ආගම පදනම් කරගෙන කෙනෙක්ව සමාජයෙ වෙන්කරලා සළකන්නෙ නැහැ.
දලිත්වරු : දලිත්වරු කියන්නේ ඉන්දියාවේ ඉතාම පහත් කියලා සැළකෙන කුලයක මිනිස්සු. සාමාන්‍යයෙන් අපි දන්න බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, වෛශ්‍ය, ශුද්‍ර කියන කුල හතරටත් පහළින් තියෙන පස්වෙනි කුලය. මෙයාලව ‘ස්පර්ශ නොකළ යුතු අය’ කියලත් හැඳින්වුවාලු.
එහෙනම් ෆිල්ම් එක බලන්න කියලා හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා..









