EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageVichithram (2022) | “අමුතු බංගලාවේ අභිරහස”
විචිත්‍රම් කියන එකේ තේරුම අමුතු කියන වචනෙ වුනත් මම මේකෙ නමට “අමුතු බංගලාවේ අභිරහස” කියල දැම්මෙ මේක ගෙදරක් මූලික කර ගෙන ගොඩ නැගිච්ච කතාවක් නිසා IMDB මීටරේ 7.5 ක් වෙනකන් කරකවපු ගූගල් පරිශීලක මනාපෙ 91% ක් ගන්න පුළුවන් වුනු ෆිල්ම් එකක් තමයි විචිත්‍රම් කියන්නෙ. ටොම් චාකෝ, බාලු වර්ගීස් ,ලාල් වගේ නළු නිළියන්ගෙ රංගනයෙන් හැඩ වුන අභිරහස් කාණ්ඩයට අයිති චිත්‍රපටියක් තමයි අද අරන් ඇවිත් තියෙන්නෙ.
කතාව ගැන කියනවනම් අම්මා කෙනෙක් සහ පුතාල පස් දෙනෙක් පියා මිය ගිය පසු පත්වෙන ආර්ථික අපහසුතා එක්ක ඉන්න නිවසත් ඔවුන්ට අහිමි වෙනවා. පසුව තම මවගේ මහ ගෙදර වන පුත්තන්කූර් වලට සංක්‍රමනය වීමත් ( මවගේ සහෝදරයා මිය ගිය පසු) ඇතිවන සිද්ධි දාමයක් වටා තමයි මේ කතාව ගොඩ නැඟිලා තියෙන්නෙ ඒ වගේම මේ ච්ත්‍රපටියෙ ඉන්න සහෝදරයො පස් දෙනාට තියෙන්නෙ එකිනෙකට වෙනස් ගති ලක්ෂණ. ඒ වගේමයි කතාවෙ අවසානෙන් හිතෙන්නෙ නම් දෙවනි කොටසක් එයි කියලයි ඒ ගැනත් බලාපොරොත්තු තියාගෙන මේ ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරනවා.


