CineSubz.lk  - Sinhala Subtitles සිංහල උපසිරැසි සමඟ චිත්‍රපට

2021/ 2022/2023/2024 යන වර්ශව​ල  දුන් චිත්‍රපට ඔන්ලයින් බැලීමේදී Player 1 / 2 /3 කිසිවක්න් බැලීමට නොහැකි නම් කරුනාකර එය ​ඩන්ලොඩ් කර එය ලබා ගන්න .එම ගැට​ලු ඇති සිනමාපට දින කිහිපයකින් අප නැවත නිවැරදි කරන අතර එතෙක් රැදීසිටින්න. සිදුවූ අපහසුතාවයට අපගෙ කණගාටුව.

Online Play
4275 Views

  • Watch trailer
  • Player 01 [No Ads - CS Player]
  • Player 02 [With Ads - Evo Player]
Viduthalai: Part I (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Viduthalai: Part I (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

Mar. 31, 2023India146 Min.
Your rating: 0
9.4 17 votes
Viduthalai Part 1 (2023) | උදුරාගත් නිදහස යළි ලබා ගන්නට.

Original WEB Quality 

කුමරේසන් සෙල්ලියම්මන් දුර්ගම් ගමේ පොලිස් රැකියාව සඳහා යනවා. මේ ගම ඉතාමත් දුෂ්කර ගමක්. ඒ වගේම මේ ගම අයත් අරුමපුරි දිස්ත්‍රික්කයේ ජන සේනා නම් ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියාකාරකම් බහුලව සිදු වුණා. කටුක බව දැනුනත් කුමරේසන් සතුටින් සේවය ඇරඹුවා. පලමු දිනයේදිම ඉහළ නිළධාරීන්ගේ නියෝග නොසලකා වළහෙක් ගහපු වයසක ගැහැනු කෙනෙකුගේ ජීවිතය බේරගන්නත් පුළුවන් වුණා. ගම්මුන්ට උදවු කරන්න යද්දි අනෙක් නිළධාරීන් ද අවවාද කලා. ඒත් කුමරේසන්ට ප්‍රතිඵල ලැබුණට පස්සෙදි නිලධාරීන් එයාට අවවාද කලේ මොකද කියලා තේරුම් ගියා. ඉහළ නිළධාරියාගේ අණට පිටුපෑමනිසා කුමරේසන්ට දිගින් දිගටම දඬුවම් රාජකාරි පැවරුවා. නින්දක්, කෑමක් වත් හරියට ලැබුණෙ නැහැ. ඔය අතරෙදි වළහා ගහපු මැහැල්ලගේ මිනිබිරී තමිල්අරසි නම් කෙල්ල කුමරේසන්ව හොයාගෙන ඇවිත් වෙලාවට ආච්චිව රෝහලට එක්කගෙන ගිහින් ජීවිතය බේරගන්න උදවු කලාට ස්තූති කරනවා. ඉන් පස්සෙ මේ දෙන්නා විටින් විට මුණ ගැහුණා. කාලය ගෙවී යද්දි තමිල්අරසි සහ කුමරේසන් අදරය කරන්න පටන් ගන්නවා. තමිල්අරසිගේ බාප්පා ජන සේනා ත්‍රස්තවාදී කල්ලියේ සාමාජිකයෙක්. ඔහොම යද්දි දවසක දෙන්නම කසාද බඳින්න තීරණය කරනවා. කුමරේසන්ට එයාගේ අම්මව එක්කගෙන ඇවිත් තමිල්අරසිගේ ආච්චි එක්ක කතා කරන්න කියනවා. ඒත් තමිල්අරසිගේ ආච්චි මේ සම්බන්ධයට අකැමැති වෙනවා. මොකද කුමරේසන් ගම්මුන්ට උදවු කරන යහපත් මනුස්සයෙක් වුණත් පොලිස් කාරයෙක් නිසා. මේ අතරේ කුමරේසන් වැඩ කරන පොලිස් E සමාගමේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ම ජන සේනා කල්ලිය විසින් වෙඩි තබා මරා දැමුවා. මේ සංවිධානයේ මහ මොළකරු පෙරුමාල්ව අල්ලා ගන්න “ගෝස්ට් හන්ට්” නමින් මෙහෙයුමක් පටන් අරගෙන තිබුණත් කිසිම ප්‍රගතියක් අත්කරගෙන තිබුණේ නැහැ. මේ නිසා මේ මෙහෙයුමේ ප්‍රධානියා විදියට සාර්ථක නිලධාරියෙක් වුණ DSP සුනිල් මේනන්ව පත් කරනවා. සුනිල් මේනන් හොඳ නරක දෙක සමබරව පවත්වාගෙන යන සුනිල් මේනන්ගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම වඩාත් දැඩිව සිදු කෙරුණා. සිරභාරයේ තබා ගත් පුද්ගලයින්ගෙන් විමර්ශනය කර පෙරුමාල්ගේ හැඩරුව කටුසටහනක් ලබා ගන්නවා. DSP කාර්යාලයේ තිබුණ මේ කටුසටහන් චිත්‍ර කුමරේසන්ට දකින්න ලැබෙනවා. බලද්දි කුමරේසන් මේ කටුසටහනේ ඉන්න පෙරුමාල්ව දෙසැරයක්ම දැකලා තිබුණා.

සම්මානනීය සිනමා අධ්‍යක්ෂක වෙට්‍රිමාරන් අධ්‍යක්ෂණය කරනු ලැබූ මේ චිත්‍රපටයට ආශ්‍රය කරගෙන තියෙන්නෙ බී. ජෙයාමෝහන් ලියන ලද “තුනෛවන්” නම් කෙටි කතාවක්. මේකේ එන ගුරුතුමාගේ චරිතයට තමිල් දේසියම් කණ්ඩායමේ සාමාජිකයෙක් වුණ කු. කලියපෙරුමාල් වාතියාර්ගේ චරිතය පාදක කරගෙන ඇති බව කියනවා.

මේ චිත්‍රපටියේ නළුවෝ රඟපෑවා කියනවා නම් ඒක අඩුපාඩුවක්. ඇත්තටම රඟපෑවා කියලා පෙනුනෙ නැහැ. එයාලා චරිතවල ජීවත් වුණා. සේදුපතිගෙ ඇස් දෙකෙන් විතරක් නොයෙක් දේ ප්‍රකාශ කෙරෙන එක් අවස්ථාවක් තිබුණා. ඒ අතරින් සූරිගේ කැපවීම වඩාත්ම ඉස්මතු වෙලා තිබුණා. සිනමාකරණය විශිෂ්ඨයි. ඉලෙයරාජා මේ චිත්‍රපටයට සංගීතය ලබා දුන්නා. පසුබිම් සංගීතය තරමක් සාමාන්‍ය මට්ටමේ තිබුණා. චිත්‍රපටයේ එන ගීත චිත්‍රපටයට තවත් මන්දගාමී කලා. පසුතල නිර්මාණ අද්විතීය ආකාරයෙන් නිර්මාණය කර තිබුණා. නළු ධනුෂ් මෙහි “උන්නෝඩු නඩන්දා” ගීතය ගායනයෙන් සම්බන්ධ වෙනවා. එයත් ඉලෙයරාජා යටතේ ගීතයක් කියන්න ප්‍රබල නළුවෙකුට ලැබෙන දුර්ලබ අවස්ථාවක්.

සූරි, විජයි සේදුපති, භවානි, ගෞතම් වාසුදේවන් මේනන්, චේතන්, රාජිව් මේනන්, ඉලවරසු, මුන්නාර් රමේෂ් යන අය මේ Viduthalai Part 1 චිත්‍රපටයේ රඟපානවා.

ආරම්භයේදී ඩොමෑඩෝ, පොඩෑඩෝ වගේ ඉංග්‍රීසි වැරදියට කියන් විකට චරිත කරපු සූරි ප්‍රථම වතාවට ප්‍රධාන චරිතයක් ඉදිරිපත් කරන්නේ මේ චිත්‍රපටයේදීයි. සූරී වෙට්‍රිමාරන්ගේ චිත්‍රපටියක් නිසාවෙන්ම ශරීර යෝග්‍යතාවය ගැන ගොඩක් සැලැකිලිමත් වුණා. වෙනත් චිත්‍රපට රූගත කිරීම් අතරෙදි පවා ව්‍යායාම ආදියේ යෙදී තිබුණා. රජිණිකාන්ත් විඩුදලෛ නරඹා වෙට්‍රිමාරන්, ඉලෛයරාජා, සූරි හා අනෙක් නළු නිළියන්, අනෙත් සැමට සුබ පැතුම් එක් කර තිබුණා. දෙවන කොටස වෙනුවෙන් බලා සිටින බවත් සඳහන් කර තිබුණා.

 

Original WEB Quality 

Viduthalai: Part I (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viduthalai: Part I (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viduthalai: Part I (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viduthalai: Part I (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viduthalai: Part I (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viduthalai: Part I (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viduthalai: Part I (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viduthalai: Part I (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viduthalai: Part I (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Viduthalai: Part I (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම රවිඳු නවින් (Cinerulk)
IMDb 8.5 /10 3,960 votes

ඉහත සිනමාපට​යේ නළුනිළියන්ගේ වෙනත් සිනමාපට නැරඹීමට පහල ඔවුන්ගේ පින්තුර මත Click කර එම List එකට පිවිසෙන්න

Director

Vetrimaaran
Director

Cast

Soori isKumaresan
Kumaresan
Vijay Sethupathi isPerumal 'Vaathiyaar'
Perumal 'Vaathiyaar'
Bhavani Sre isTamilarasi
Tamilarasi
Chetan isRagavendar
Ragavendar
Rajiv Menon isA. Subramaniyan
A. Subramaniyan
Ilavarasu isIla. Ilavarasu
Ila. Ilavarasu

Similar titles

The Kid Who Would Be King (2019) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Naruto the Movie: Ninja Clash in the Land of Snow (2004) Sinhala Subtitles
Alti (2020) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Kudumbasthan (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Jewel Thief: The Heist Begins (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
The Pickup (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Vampires (1998) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Spyder (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
Fortress (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි සමඟ
X-Men (2000) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Fast X (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Pathonpatham Noottandu (2022) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ

(2) comments

  • Shivantha May 3, 2023 Reply

    gannibal tv series eka denno

  • Nuwan February 3, 2025 Reply

    ❤️👍

Leave a Reply to Nuwan Cancel reply

Name *
Add a display name
Email *
Your email address will not be published